Lanka Net Gossip

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු උසාවියට දක්කාගෙන යාමේ ක්‍රමවේදයටද ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමා එකඟ නොවන බව ජනාධිපති (12) පැවැසීය.

Loading...

සී.අයි.ඩී.-එෆ්.සී.අයි.ඩී.-අල්ලස් කොමිසමට ජනපතිගෙන් දොස්

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව දේශපාලන න්‍යායපත්‍රවලට වැඩ නොකළ යුතු සේම හිටපු ආරක්ෂක ‍ලේකම් සහ  හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු උසාවියට දක්කාගෙන යාමේ ක්‍රමවේදයටද ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමා එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවැසීය.
වරදක් ඇති බවට ඔප්පු නොවී කිසිවෙකුත් හිරේ දාන්න තමන්ට උවමනාවක් නැති බව පැවැසූ ජනාධිපතිවරයා තමන් මේ පිළිබඳව අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වූ බව පැවැසීය. හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා ඇතුළු පිරිස උසාවියට රැගෙන යාම තමා දැන ගත්තේ එදින උදෑසන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අද (12) සහභාගි වෙමිනි.
යුද, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දේශපාලන අතකොළු බවට පත් කර නොගන්නා ලෙස ද මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා සැබෑ ලෙසම රටට ආදරය කරන, ජාතික ආරක්ෂාවට ගරු කරන කිසිවෙකුට එසේ කළ නොහැකි බව ද කියා සිටියේය.
 රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් හා දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ගැටලුවක් මතුව ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂා කළ යුතු ක්‍රමවේදයක් තිබෙන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.
 කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබිමට තමා කටයුතු නොකළ බව ද පැවැසූ ජනාධිපතිවරයා පැවැසීය.
 උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම, ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම හෝ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම, අපරාධ, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ වැනි බරපතළ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප්‍රතිපත්තිය නොවන අතරම රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් වූ යුගයේ වගකීම ඉටු කිරීමට තමා ජනාධිපති ධුරයට පත් වූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.
 රජයක් ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමිය වෙනුවෙන් රටේ ජනතාව හා වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් පසුගිය මාස 18ක කාලය තුළ තමා නොපිරිහෙළා ඉටු කළ බව පැවැසූ ජනාධිපතිවරයා තමන් බලය පිළිබඳ අනවශ්‍ය සිහින මවන පුද්ගලයෙකු නොවන බවත් රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටුකර ඕනෑම අවස්ථාවක බලය අතහැරීමට තමා සූදානම් බවත් කියා සිටියේය.
 සංග්‍රාමයේ දී එක්ව සිය සක්‍රීය සේවාව ලබා දී දැනට සේවයේ නිරත, ආබාධිත වූ හා විශ්‍රාම ලැබූ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සත්විරුවන්ට නිවාස ඉදිකර දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත “සත්විරු සංහිඳ” වැඩසටහන ක්‍රියාත්මකය. සත්විරු සංහිඳ නිවාස හා ඉඩම් ප්‍රතිලාභීන් 138 දෙනෙකුට මෙහි නිවාස හා ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකුට හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය. අමාත්‍ය දයා ගමගේ මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ
පානුක රාජපක්ෂ
Loading...

No comments:

Powered by Blogger.