ඔරුගොඩවත්ත සහ කැළණිය අතර ප්‍රදේශයේදී දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක මරුට
Loading...
උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා (විභාග) ගල් ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ඒ.පුෂ්පකුමාර මහතා ඊයේ (07) සවස කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණ ඇත. ඒ අතරතුර ඔරුගොඩවත්ත සහ කැළණිය අතර ප්‍රදේශයේදී දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් ඔළුවේ දකුණු පසට ඇතිවූ තුවාල සහිතව අනුරාධපුර දක්වා පැමිණ ඇත.
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බැස නිවස බලා යාමින් සිටියදී ඔහුගේ මිතුරෙකු ඹළුවේ ඇති ලේ පැල්ලම දැක විමසීමෙන් අනතුරව ඔහුව අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළුත් කර තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය වූ ඔහු ඊයේ(07) රාත්‍රියේ මිය ගොස් තිබේ.
සිද්ධිය පිළිබඳ පොලීසිය දුමිරිය ආරක්ෂක නිලධාරීන්ගෙන් කට උත්තරයක් ලබා ගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල වූ බවය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්පාස් පොලිසියට දන්වා ඇති බව වාර්තා වේ.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
Loading...
No comments: