Lanka Net Gossip

එකම පවුලේ හත්දෙනෙකුට මරණ දඩුවම.......

Loading...

මිණි මැරිමේ චෝදනාවකට වරදකරුවන් වු එකම පවුලේ හත්දෙනෙකුට නුවරඑළිය මහා අධිකරණය අද මරණ දඩුවම නියමකළා.මහා අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මෙලෙස මරණ දඩුවම නියම කළේ  නුවරඑළිය කදපොළ කොන්කෝඩියා වත්තේ පදිංචි පෙරියසාමි කෙලෙයිමේල් නැමැති තිස්තුන්හැවරදි තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවති නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කරමිනි
එම වතුයායේ එකම වතු නිවාස පේලියක පදිංචි මරණකරු හා චුදිතයන් අතර ඇති වු  විදුලිය ලබා ගැනිම සමිබන්ධයෙන් ආරවුලක් මෙම ඝාතනයට හේතුවි තිඛෙනවා.චෝදනා තුනක් යටතේ මොහුන්ට එරෙහිව නිතිපතිවරයා විසින් නඩු පවරා තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද නඩු තින්දුව ප්‍රකාශයට පත් කළා.මරණ  දඩුවමට අමතරව මෙම චුදිතයන් හත්දෙනාට රුපියල් තුන්දහස බැගින් දඩයක්ද එම දඩය නොගවන්නේ නමි මාස හයක සිරදඩුවම්ද මහාඅධිකරණ විනිසුරුවරයා විසින් නියම කෙරුවා.රාගල පොලිසිය මගින් ගොනුකළ තිබු මෙම පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතිඥය ජනිත වික්‍රමනායක පෙනි සිටි අතර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන්  නිතිඥය නලින් තිලකා හේරත් පෙනි සිටියා.  
මෙම චුදිතයන් බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ එම චුදිතයන්ගේ ඥාතින් විශාල පිරිසක් මහා අධිකරණ භූමියට පැමිණෙන අයුරු අපට දක්නට ලැබුනා.
Loading...

No comments:

Powered by Blogger.