Lanka Net Gossip

ඩිල්ෂාන්ගේ ස්ථානයට නම් කළ ක්‍රීඩකයා මෝටර් රථ ධාවකයෙක්

Loading...

ඩිල්ෂාන්ගේ ස්ථානයට නම් කළ ක්‍රීඩකයා මෝටර් රථ ධාවකයෙක්



ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ඕස්ට්‍රේලියානු තරගාවලියට සචිත් පතිරණ නම් කර තිබෙනවා.
සචිත් පතිරණ මේ වන විට එක්දින තරග 03 කට සහභාගී වී සිටින ක්‍රීඩකයෙක්. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සිව්වන එක්දින තරගයට සචිත් පතිරණ නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ කියා සිටියා.
අද (30) පස්වරුවේ දඹුල්ලේ පැවැති එම මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේ සචිත් පතිරණ ආරම්භක පිතිකරුවෙකු නොවන නමුත් ඩිල්ෂාන් වෙනුවට කණ්ඩායමට එක් කළේ සචිත් පතිරණ බවයි.
සචිත් පතිරණ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව වෘත්තීය මෝටර් රථ ධාවකයෙකුද වනවා. ඊයේ (29) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියටද සචිත් පතිරණ සහභාගී වී සිටියා.
සචිත් පතිරණ මේ දක්වා සහභාගී වී ඇති එක්දින තරග 03 දී ලබාගෙන ඇත්තේ ලකුණු 66 ක් පමණයි. එම තරග 03 දී පන්දු යවන්නෙක් ලෙස ඔහු කඩුලු 03 ක් දවාගෙන තිබෙනවා. පළමු පෙළ තරග 72 කදී ඉනිම් 113 කදී සචිත් පතිරණ ලබාගෙන තිබෙන්නේ ලකුණු 2740 ක් පමණයි. පළමු පෙළ තරගවලදී ඔහු විසින් කඩුලු 245 ක් දවාගෙන තිබෙනවා. මේ වන විට වයස අවුරුදු 27 ද ඉක්වා ඇති සචිත් පතිරණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වනවා.
සචිත් පතිරණ ජාතික කණ්ඩායමට එක් කිරීම සඳහා අවස්ථා කිහිපයකදී උත්සහයන් රැසක් පැවතියා. මෙවර ඔහු ඉදිරි ඕස්ට්‍රේලියානු තරගයට නම් කෙරෙන්නේද එවැනි බලපෑම් සහගත තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.217757Sri Lankan cricketer Sachith Pathirana delivers a ball during a practice session at the R. Premadasa International Cricket Stadium in Colombo on July 18, 2015. Sri Lanka and Pakistan third One-Day International match will be played from July 19 at the R Premadasa International Cricket Stadium. AFP PHOTO/ Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)
Loading...

No comments:

Powered by Blogger.