Lanka Net Gossip

යකඩ යකාට යටවූ ජීවිතවල සැඟවුණු කතාව කියවන්න සංවේදී අය කියවීමෙන් වලකින්න

Loading...


චූටි දුවේ අක්‌කා එක්‌ක එන්න යමු. දැන් පන්තිය ඇරෙන්නත් ළඟයි. අවුරුදු 1 1/2 සිඟිති දියණිය යතුරුපැදියට නංවා ගත්ත දීපානි උදේ උපකාරක පන්තියට ඇරල වූ ලොකු දුව කැටුව එන්න ගියා.
දීපානි දිල්රුක්‍ෂි හා චන්ද්‍රශේකර බණ්‌ඩා තරුණ යුවළ පදිංචි වෙලා හිටියේ වැල්ලව පොලිස්‌ වසමේ උල්පතගම ග්‍රාමයේය. චන්ද්‍රසේකර බණ්‌ඩාර යුද හමුදා සාමාජිකයෙකි. මේ යුවළට වයස අවුරුදු 06 සහ අවුරුදු 1 1/2 ක සිඟිති දරු පැටවු දෙන්නෙක්‌ හිටියා. සැමියා රැකියාවට ගියාම නිවසේ සියලු කටයුතු බලා ගත්තේ බිරිඳ පාසල්
නිවාඩු නිසා ලොකු දුව ඕවින්ද්‍යා තරූෂි උපකාරක පංතිවලට කැටුව යන්නේ යතුරු පැදියෙනි.
මෙදිනත් සුපුරුදු විදියට යතුරුපැදියේ නැඟලා උපකාරක පන්ති ගිය දුව ගෙදරට කැටුව එන්න ගියේ පුංචි දැහැමි බියන්යා (1 1/2) සිඟිත්තියත් සමඟයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග අතරින් දිනකට වැඩිම වාර ගණනක්‌ දුම්රියන් ධාවනය වන්නේ මහව – පොල්ගහවෙල අතර තනි මාර්ගයේයි. මෙයිනුත් වැඩිම කිලෝ මීටර් ගණනක්‌ වැල්ලව පොලිස්‌ වසම හරහා ධාවනය වන නිසා දුම්රියෙන් සිදුවන අනතුරු හා මරණ සෑහෙන ප්‍රමාණයක්‌ සටහන් වනුයේ වැල්ලව පොලිස්‌ සීමාවේ බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.
උපකාරක පංතියෙන් දුව යතුරුපැදියට නංවා ගත්ත දීපානි තිදෙනා සමඟම දුම්රිය හරස්‌ මාර්ගය හරහා නිවසට එන්න පිටත් වුණේ යක්‍ෂයාගේ හෝරාව එළැඹ ඇති බව නොදැනය.
වේරගල උප දුම්රිය ස්‌ථානයට නුදුරු ඇඳගල හරස්‌ මාර්ගය මාරක කපොල්ලකි. ආරක්‍ෂාවට බම්බු ගේට්‌ටුවක්‌ සවිකර තිබුණත් එදා ගේට්‌ටුකරුවන් වෘත්තීය අරගලයකට ගොස්‌ තිබූ නිසා ගේට්‌ටුව වැසීමට කවුරුත් හිටියේ නැත. රේල් පීලි දෙකත් පාරට වඩා ඉහළින් තිබූ නිසා දීපානිට දරු දෙදෙනාත් එක්‌ක එක්‌වරම එතැනින් යතුරුපැදිය ධාවනය කරන්න හැකියාවක්‌ තිබුණේ නැත. මේ අතරතුර කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය මාරයෙක්‌ වගේ පැමිණියේය. යතුරුපැදිය දැක දුම්රිය රියෑදුරු තිලක්‌ කුමාර මහතා දුම්රිය නවත්වන්න උත්සාහ කළත් දීපානිත් දරු දෙදෙනාත් යටකර ගෙන යකඩ යකා ඉදිරියට ඇදුණි. ප්‍රදේශවාසීහු විලාප තියාගෙන එතනට ආවත් දීපානිත් පුංචි පැටවු දෙදෙනාත් මේ ලෝකය අතහැරලා ගොස්‌ තිබිණි.
මේ සිද්ධිය සැල වූ වහාම වැල්ලව පොලිසියේ ස්‌ථානාධිපති (පො. ප.) නිශාන්ත හේරත් මහතා රථවාහන අංශයේ ස්‌ථානාධිපති (පො. ප.) රංජිත් ප්‍රේමසිරි පො. සැ. (54344) විමලසිරි මහතා ප්‍රමුඛ නිලධාරීහු සමඟ එම ස්‌ථානයට ගොස්‌ විමර්ශන කටයුතු ආරම්භ කළහ.
දුම්රිය නියාමක මහත්වරු විසින් දරු දෙදෙනාගේ සහ මවගේ නිසල සිරුරු ගනේවත්ත දුම්රිය ස්‌ථානාධිපතිතුමාට භාර දී ගමනාන්තයට ගියහ. කුපිත වූ ප්‍රදේශවාසීහු හානියට පත් ව තිබූ දීපානිගේ යතුරුපැදිය නැවත දුම්රිය මාර්ගයේ තබා වෙනත් දුම්රියකට යට කළේ ඇති වූ ආවේගය පිට කරන්න වුවත් එයින් සිද්ධ වුණේ දුම්රිය එන්ජිමක්‌ අකර්මණ්‍ය වී අනර්ථයක්‌ වීමයි. මෙයින් දුම්රියත් පැය ගණනක්‌ ප්‍රමාද වී මගීහු ද අපහසුවට පත් වූහ.
ලොව හැර ගිය දීපානි සහ සිඟිති දරු පැටවු දෙදෙනා අද (06 දා) ප්‍රදේශවාසීන්ගේ දෙනෙත්වලට කඳුළු පුරවමින් අවසන් ගමන් ගියහ.
Loading...

No comments:

Powered by Blogger.