පල්ලෙකැලේ ක්‍රීඩාංගණය මුලු ලෝකයාගේ ආකර්ශණයට ලක්‌වී තිබෙන ක්‍රීඩාංගණයක් වී තිබේ
Loading...





පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
මුලු ලෝකයාගේ ආකර්ශණයට
ලක්‌වී තිබෙන ක්‍රීඩාංගණයක් වී තිබේ.
ක්‍රීඩාංගණය අවට ඇති
ස්‌වභාව සෞන්දර්ශ අදාළ
ආකර්ශණය දිනා ගැනීම සඳහා
බෙහෙවින් ඉවහල් වී තිබේ...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට
අමරණීය සේවයක් ඉටු කළ ලෝක පූජිත
මුත්තයියා මුරලිදරන්ට උපහාර දැක්‌වීම
පිණිස මෙම ක්‍රීඩාංගණය
මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණය
ලෙස නම් කිරීමට තීරණයක් ගෙන ඇත..
ශ්‍රී ලංකාවේ හත්වැනි ටෙස්‌ට්
ක්‍රීඩාංගණය වූ මෙම ක්‍රීඩාංගණයේ
පැවැති මංගල ටෙස්‌ට් තරගයද
ඉතාමත් සුවිශේෂී එකක් විය...
එම තරගයේදී යවන ලද
පළමු පන්දුවෙන්ම කඩුල්ලක්
දවා ගැනීමට සුරංග ලක්‌මාල් සමත්වීම
එහි ඇති සුවිශේෂීතාව වේ...
ප්‍රේක්‍ෂකයන් 35,000 කට තරග
නැරඹිය හැකි වන අයුරින්
ඉදිකොට තිබෙන මෙම ක්‍රීඩාංගණයේ
මාධ්‍ය කුටිය ශ්‍රී ලංකාවේ ඇති
සියලුම ක්‍රීඩාංගණවල මාධ්‍ය කුටි
පරදවමින් ඉදිවී තිබේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත්
දිවා රාත්‍රී තරග සදහා පහසුකම් ඇති
මෙම ක්‍රීඩාංගණයේ ඉදි කිරීම්
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින්
සිදුකරන ලදී... මේ විශාල නිර්මාණය
සදහා වැයවී ඇත්තේ
රුපියල් කෝටි 98 ක් පමණි...
වසර තුනක් තුල සම්පූරණ කල
මෙම ක්‍රීඩාංගණය 2011 වසරේ
මාර්තු මස 06 වන දින
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා
අතින් නිල වශයෙන් විවෘත කරන ලදී..
Loading...
No comments: