ඉන්දු-ලංකා පාලම් නෑ/ඉදිකෙරුවොත් පුපුරුවන හැටි දන්නෙත් නෑ
Loading...
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවත්,එය සාදනු ලැබුවහොත් තමන් ගොස් එය පුපුරුවා හරින බවට කොළඹ දිස්ත්‍රීක්කයේ මන්ත්‍රීවරයෙකු පසුගියදා කියා සිටි බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
හැදුවොත් පුපුරුවන්නේ කොහොමදැයි එය දුටු තමාට සිනා පහළවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පහුගියදා දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකුද,ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එවැනි පාලමක් සෑදීම සඳහා මූලික කටයුතු සූදානම් කර ඇති බවත්,ඒ සඳහා ලෝක බැංකුවේ ආධාර ලැබෙන බවත් ප්‍රකාශ කර තිබුණු බව තමන් දුටු බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිහිපත් කළේය.
ඉන්දියාවේද ලංකාවේ මෙන් පටු දේශපාලන වාසි තකා බොරු කියන දේශපාලනඥයින් සිටින බව අප තේරුම් ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් එවැනි අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියා කිසි විටෙකත් සිදුනොකරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බෞද්ධාගම පිළිබඳ ඡේද ඉවත් කරමින් මේ රට අනාගමික රටක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට නව රජය සූදානම් වන බවට පටු දේශපාලන අන්තවාදීන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ද තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ජාතික සංවර්ධනයේදී මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපට ලෝකයට දායාද කළහැකි උතුම්ම දායාදය වන්නේ බෞද්ධ දර්ශනය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් ථෙරවාදී බුදුදහම ප්‍රචාරය කිරීමේ මූලස්ථානය බවට ශී‍්‍ර ලංකාව පත් කරමින් අධි තාක්ෂණ ලෝකය හා වාණිජ්‍ය සමාජය සමඟ පිරිහී යන සමාජය සුවපත් කිරීමේ වගකීම ඉටු කරන බව ද කියා සිටියේය.
වෙසක් මහා ජාත්‍යන්තර උළෙල ලබන වසරේ ශී‍්‍ර ලංකාවේදී ඉතා උත්කර්ෂවත්ව සැමරීමට සියලු සංවිධාන කටයුතු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුව මේ වන විට සිදු කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ගනේලන්ද රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශී‍්‍ර ධම්ම දස්සි සීනාදි සිව් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට හා වළාකුළු ප්‍රකාරය විවෘත කිරීම සහ විහාරස්ථාන පරිශ්‍රයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෝට්ටේ ශී‍්‍ර කල්යානි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ පුණ්‍ය උත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළ අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.
Loading...
No comments: