ධනවත් මහත්වරුන්ගේ හිත අරගෙන දත ගලවන අතුරුගිරියේ ටෙලිනිළි කල්ලිය අල්ලයි
Loading...
ධනවත් මහත්වරුන්ගේ හිත අරගෙන දත
ගලවන අතුරුගිරියේ ටෙලිනිළි කල්ලිය මෙන්න
ගලවන අතුරුගිරියේ ටෙලිනිළි කල්ලිය මෙන්න
මැදිවියේ පසුවන සල්ලිකාර පුරුෂයන් රවටා හෝටල් වෙත කැටුව ගොස් ඔවුන් සන්තකයේ ඇති වටිනා සියල්ල කොල්ලකා පලා යන බව කියන ටෙලි නාට්‍ය නිළියන් යැයි කියාගත් කණ්ඩායමක සුරූපී කාන්තාවන් දෙදෙනකු අතුරුගිරිය පොලිසිය මඟින් පසුගිය 28 දින අත්අඩංගුවට ගෙන තිබි.
තැනින් තැන ගොස් කාමර කුලියට ගෙන පදිංචි වී සිටින මෙම කාන්තාවන් විසින් තැරැව්කරුවන් යොදවා මුදල් සහ රන් භාණ්ඩ යහමින් ඇති පුද්ගලයන් රවටා මෙසේ කොල්ලකා තිබි‚.
පසුගිය මස 29 දින අතුරුගිරිය පොලිසිය වෙත කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 64 වියැති ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමි‚ල්ලකින් අනතුරුව උපාය දූතයන් යොදවා මේ කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබි‚.
2016 ජූලි මස 29 වැනි දින පැමි‚ලිකරු ත්‍රීවීල් රථ රියැදුරකුගේ මාර්ගයෙන් දුරකතන ඇමැතුම් ඔස්සේ මෙම කාන්තාවන් සමඟ සාකච්ඡා කර ග‚කා වෘත්තියට කැමැත්ත ගෙන හමුවී තිබි‚. සිරුරේ විවෘත ස්ථානයන්හි පච්ච කොටා හිසකේ වර්ණ කර සිටි මේ කාන්තාවන් දෙදෙනාට වසඟ වූ 64 හැවිරිදි පැමි‚ලිකරු එම කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි අතුරුගිරිය ප්‍රදේශයේ ලැගුම් හලක රාත්‍රිය ගත කිරීමට කැමැත්ත පළ කර තිබේ.
පසුව රාත්‍රි ආහාර - මත්පැන් සහ දුම්වැටි මිලදී ගත් මේ පිරිස තෝරා ගත් ලැගුම් හල වෙත ගොස් කාමරයක් වෙන් කර ගෙන නතර වී තිදෙනාම එක්ව මත්පැන් පානය කර තිබි‚.
වැඩිපුර මත්වූ පුරුෂයාට මෙහි එක් කාන්තාවක් කියා ඇත්තේ සිය ඇඟලූම් ඉවත් කරන ලෙසය. උඩුකය ආවරණය ඉවත් කළ අවස්ථාවේ ඇත් දළවලින් සකසා තිබූ මාල පෙත්තක් සහිත පවුම් හතරක රන් මාලය පෙන්වා ඇත් දළ සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබි‚.
එම ඇත් දළ මතුරා තමන් ආරක්ෂාවට ගෙලෙහි දමා ඇති බව ඔහු පැවැසීමෙන් අනතුරුව ඕවා අපේ ශරීරයේ ගැටෙනවා. එනිසා එය ගලවා කලිසම් සාක්කුවේ දමා ගන්න යැයි කාන්තාවෝ ඉල්ලා ඇත. එයට අවනත වූ පුරුෂයා එසේ රන් දම්වැල ගලවා තම කලිසම් සාක්කුවේ දමා ඇත. ටික වේලාවකින් හෙතෙම ඇඟපත සෝදා ගැනීමට නාන කාමරයට ගිය අවස්ථාවේ එක් කාන්තාවක් එම ඇත්දළ සහිත රන්මාලය සහ පැමි‚ලිකරුගේ ජංගම දුරකතනය රැගෙන හෝටලයෙන් පලාගොස් තිබේ.
සෙසු කාන්තාව ටික වේලාවක් සිට පැමි‚ලිකරු නාන කාමරයෙන් පිටතට ආ සැ‚න් කියා ඇත්තේ තම යාළුවා නොකියාම එළියට ගිය බවත් ඉන්න චුට්ටක් මම එයාව බලල එන්නම් කියා එළියට විත් ඇයද පලාගොස් තිබි‚. වංචාවකට අසුවූ බව දැනුණු හෙතෙම වහාම එම ලැගුම් හලෙන් පිටත් වී අතුරුගිරිය පොලිසියට පැමිණ මෙසේ පැමි‚ලි කර ඇත.
අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මේ කාන්තාවෝ දෙදෙනා අතුරුගිරිය අරංගල ප්‍රදේශයේදී පොලිසියේ අත්අඩංගුවට පත්වූහ.
අත්අඩංගුවට පත්වූ කාන්තාවන්ගේ ප්‍රකාශ අනුව මෙම ව්‍යාපාරය කාලයක් තිස්සේ ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් සිදු කරන බවත් එකී කණ්ඩායමට ටෙලි නාට්‍යයන්හි සුළු චරිත රඟපා ඇති කාන්තාවන් අටදෙනෙකු පමණ සහභාගි වී ඇති බවත් තොරතුරු හෙළිකර තිබි‚. මෙහිදී පුරුෂයන් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් තමන්ට වසඟ වී ඇති අතර ඔවුනට පසුව ඇතිවූ ලැජ්ජාව මත පොලිසියට පැමි‚ලි කර නොමැති බවත් හෙළිවී තිබි‚.
මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය මහානාම මහතාගේ උපදෙස් සහ මෙහෙය වීමෙන් අපරාධ අංශයේ පොලිස් සැරයන් (56750), පොලිස් කොස්තාපල්වරුන් වන මහේෂ් (10033), ගමගේ (40947), කාන්තා පොලිස් සැරයන් (34) යන නිලධාරීන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ....
Loading...
No comments: