කප්පම් ගන්න නංගි ඉස්සූ අයියාට වැඩේ වැරදුන හැටි
Loading...
නංගි ඉස්සූ අයියා
“ඉස්කෝලෙ යන ගෑනු ළමයෙක් පැහැරගෙන ගිහින්. ළමයව නිදහස් කරන්න කප්පමක් ඉල්ලනවලු ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයට මෙම දුරකථන ඇමතුම ලැබෙන්නේ නිර්නාමිකවය. තමන් කවුරුන්දැයි ඇමතුම දුන් පුද්ගලයා නොකීවත් ඔහු සඳහන් කරන්නට වූ තොරතුරුවලට අනුව පැහැරගෙන යාමට ලක්වන්නේ උඩුගම්පොළ කෙහෙල්බද්දර පදිංචි දාහතර වියැති දැරියකි. ඇය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 09 වැනි පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියාය.
මේ ඇමතුම පොලීසියට ලැබෙන්නේ පසුගිය 04 වෙනිදා සවස් කාලයේදීය. දුරකථන ඇමතුම දුන් පුද්ගලයා සඳහන් කරන්නට වූ තොරතුරුවලට පැහැර ගැනීම සිදුව ඇත්තේ පෙරවරුවේදීය. එහෙත් ගම්පහ මූලස්ථාන පොලීසියට එවන් පැහැර ගැනීමක් ගැන කිසිදු පැමිණිල්ලක් ඒ වන විට ලැබි තිබුණේ නැත.
මෙහිදී වහාම ක්‍රියාත්මක වන ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භද්‍රජි කාලික, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක නිරෝෂන් දිල්රුක්ෂ හා සැරයන් සරත් (9265) කෙහෙල්බද්දරට පිටත්කර යවන්නේ දුරකථන ඇමතුමෙන් කියැවුණු ආකාරයේ පැහැර ගැනීමක් හෝ කප්පම් ඉල්ලා සිටීමක් සිදුව ඇතිදැයි සොයා බලන්නටය.
ඒ වන විට මුළු කෙහෙල්බද්දරම කතා කරමින් සිටියේ එම දැරිය ගැනය. ඒ පැහැර ගැනීමක් හෝ කප්පමක් ඉල්ලා සිටීමක් ගැන නොව. ඇය තරුණයෙක් සමග පැනගොස් ඇති බවය. පැනගිය තරුණයෙක් නිශ්චිත ලෙස නොසිටියත් ඒ වනවිටත් ගමේ තරුණයන් කීපදෙනකුත් එම සිද්ධියට සැකයට ලක්වෙමින් තිබුණි.
පොලීිසියට නිර්නාමික දුරකථන ඇමතුමකින් කියැවුණූ කප්පම් ගැනීමකට පැහැර ගැනුණු බව කියූ දැරිය තරුණයෙක් සමග පැනගොස් ඇති බවට ගමේ කතාබහක් ඇති වී තිබුණද ඒ වන විටත් ඇය සිටියේ අතුරුදන්වය. ඇය බාල වයස්කාරියක් වූ බැවින් ඇය තරුණයෙක් සමග පැනගොස් ඇතත් එය නීතිය ඉදිරියේ වරදක් වන බැවින් ඇයට කුමක් වූවේදැයි සොයා බැලීමට වගකීමක් පොලීසියට පැවැරී තිබුණේය. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නිරෝෂන් දිල්රුක්ෂට උපදෙස් ලැබෙන්නට වූයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගෙනි. ඒ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ලගෙන් ලද උපදෙස්වලට අනුවය.
අතුරුදන්වී සිටින දැරියගේ මව කාලයක් තිස්සේ සිටින්නේ විදෙස්ගතවය. ඒ ඊශ්‍රායලයේය. සාත්තු සේවිකාවක් ලෙස එරට රැකියාවක නිරතව සිටින ඇය ඒ රැකියාව සඳහා පිටත්ව යන්නේ බාල දරුවාගේ වයස අවුරුදු එකහමාරේදීය. දැන් බාල දරුවාගේ වයස අවුරුදු 09කි.
මේ දැරියගේ පියා කාලයක් පෙදරේරු වෘත්තියේ නිරතව සිටියෙකි. දැන් ඔහු එකී රස්සාවේ නිරතවන්නේ නැත. ඔහු යැපෙන්නේ බිරිඳ රට රැකියාවෙන් උපයන මුදලෙනි. බිරිඳ මෙරට සිටි වකවානුවේදී ඇය වෙළෙඳසලක්ද පවත්වාගෙන ගියාය. මුදල් පොලියටද දුන්නාය. ඊට අමතරව සීට්ටු ඇල්ලුවාය. ඒ නිසාම යමක් කමක් ඇය සතුව තිබුණාය. සීට්ටු මුදල් නිසි ලෙස එකතුකර ගැනීමට නොහැකිව පසු කාලයේ ඇය බංකොලොත් වන්නේ නොසිතූ ලෙස අඟහිඟකම්වලට මුහුණ දෙමිනි. වෙළෙඳසලද වසා දැමීමට ඇයට සිදුවූවාය. ඇය දස අතේ ණයකාරියක්ද වූවාය. ඇය රට රැකියාවක යන්නේ ඒ ණයකරුවන්ගෙ ණය ගෙවා දමන්නටය.
දරුවන් සිව් දෙනෙකුගේ මවක වූ ඇය විදෙස්ගත වන විට වැඩිමහල් දියණිය වැඩිවියට පත්වීද නොසිටියාය. පවුලේ වැඩිමලා ලෙස සිය සහෝදරයින් දෙදෙනාත් සහෝදරියත් බලා කියා ගන්නට සිදුවන්නේ ඇයටය. වයස අවුරුදු එකහාමාරේ සහෝදරයාගේ කැත කුණු පවා අතගාන්නේ ඇයය. ගමේ බොහෝ අය ඇය දෙස බැලුවේ අනුකම්පාවෙනි. දිරිය දියණියක් ලෙසිනි. මේ දිරිය දියණිය අධ්‍යාපනයටද දස්කම් දැක්වූවාය. අ.පො.ස. උසස් පෙළ විභාගයට පවා මුහුණ දුන්නාය. ඇය ජාඇල පිහිටි ඥාති නිවසක නතර වීමට යන්නේ යොවුන් වියේදී තරුණ තරුණියන්ට මුහුණදීමට සිදුවන යම් සිත් වේදනාවක් මුල්කරගෙනය.
ඇගේ නැගණිය පසුගිය 04 වෙනිදා අතුරුදන්වන්නේද එවන් යොවුන් වියේ ඇතිවූ ප්‍රේම සම්බන්ධයෙක ප්‍රතිඵලයක් නිසාදැයි සැකයක් මෙහිදී උප පොලිස් පරීක්ෂක නිරෝෂන් දිල්රුක්ෂටද ඇති නොවුණා නොවේ. ඒ ඇගේ අතුරුදන්වීම සිදුවන්නේ සැකකටයුතු ආකාරයකට වූ බැවිනි.පාසල් නිවාඩුව නිසා සහෝදර සහෝදරියන් තිදෙනාම එදා සිට ඇත්තේ නිවසේය. පවුලේ තෙවැන්නා වූ ඇය එදා උදේ නිවසින් පිටතට යන්නේ වැඩිමහල් සහෝදරයාගේ උවමනාවකට අසල වෙළෙඳසලකට යන බව පවසමිනි. එවිට වේලාව පෙරවරු 11.00ට පමණ ඇත. ඒ යන විට අසල්වැසි නිවසක සිටි තරුණියක්ද ඇය සමග වෙළෙඳසලට යන්නට එන්නේ ඇයටත් වෙළෙඳසලට යන්නට තිබුණු උවමනාවකට අනුවය.දෙදෙනාම වෙළෙඳසලට ගොස් ආපසු නිවසට එන අතරතුර ඇය එකවරම තමාට පැරසෙටමෝල් පෙති දෙකක් ගැනීමට අමතක වූ බව කියමින් නැවත වෙළෙඳසලට යන්නේ අසල්වැසි තරුණිය මගහැරය. ඇය අතුරුදන් වන්නේ එතැන් සිටය. ඇය ගැන සිය පියා සොයන්නට ගන්නේ පැයක් දෙකක් ගිය තැන දියණිය නිවසට නොපැමිණි නිසාය.
දුව ඉන්නේ අපි ගාව. දුවව ඕනෙනම් ලක්ෂ හතක් ඕනේ. පොලීිසියට කීවොත් වැඩ වරදියි. ඒක මතක තියා ගත්තොත් හොඳයි.
දියණිය පැහැරගත් බවටත් ඇයව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදිය යුතු බවටත් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් පියාට නිවසේ ස්ථාවර දුරකථනයට ලැබෙන්නේ ඔය අතර තුරදීය.
තමන්ට හිතවත්ම අසල්වාසීන් කිහිප දෙනෙක්ට පමණක් පියා ඒ ගැන පවසා රහසක් ලෙස එම පැහැර ගැනීම තබා ගැනීමට තීරණය කරන්නේ දියණියට අනතුරක් වෙතැයි සිතාය.
පොලීිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුම ගැන පියා කිසිවක් නොදැන සිටියේය. පොලීිසිය නිවසට පැමිණීම ගැන පියා දැඩිව භීතියට පත්වන්නේ දියණියට අනතුරක් වේවි යැයි සිතාය. උප පොලිස් පරීක්ෂක නිරෝෂන් දිල්රුක්ෂ ඇගේ පියාගේ බිය තුරන් කරනුයේ දියණිය බේරා ගැනීමට නම් පොලීසියේ සහය අත්‍යවශ්‍ය බව ඔහුට තේරුම්කර දෙමිනි. ඒ වන විට ඇමතුම් කිහිපයක්ම නිවසේ දුරකථනයට ලැබි තිබුණු අතර අවසාන ඇමතුම ලැබෙන්නේ දිල්රුක්ෂ ඇතුළු පොලිස් කණ්ඩායම නිවසට පැමිණීමෙන් අනතුරුවය.
උඹල පොලීසියට කීව නේද? ඒ ඇමතුමෙන් කියැවෙන්නේ එවැන්නකි.නිවසේ දුරකථයට ඇමතුම් පාර්ශ්වය හඳුනා ගැනීමට හැකි උපකරණයක් පොලීසියේ උපදෙසින් සවි කරන්නේ දිගින් දිගටම කප්පම් ඉල්ලා තර්ජනාත්මක ඇමතුම දෙන දුරකථන අංකය හඳුනා ගැනීමටය. එහෙත් එම උපකරණය සවිකළ මොහොතේ සිට කප්පම්කරුගේ ඇමතුම්ද නතර විය. ඒ වෙනුවට රාත්‍රි 9.45 ට පමණ ඇමතුමක් ලැබෙන්නේ පැහැර ගැනීමට ලක්වුණු දැරියගෙනි. ඒ ඇගේ ජංගම දුරකථනයෙන්ය.
මාව වීදියවත්තේ බස් හෝල්ට් එකේ දාල ගියා ඇය එහිදී කීවාය.උඩුගම්පොළ වීදියවත්ත බස් නැවතුම්පොළට ඇගේ පියා ඒ සමගම ගියේය. ඒ තවත් කිහිප දෙනෙකු කැටුවය. දියණියට කිසිදු අනතුරක් සිදුවී නැතිව දැකීමෙන් ඔහු සතුටු කඳුළු වැගුරුවේය.
මම කඩේට යනකොට ත්‍රීවීල් එකකින් ආපු කට්ටියක් මාව ඇදලා ත්‍රීවීල් එකට දාගත්ත. ඇස් බැඳලයි අරගෙන ගියේ. ගෙදරක කාමරේක හිරකරල තිබුණා. මගේ අත්දෙක බැඳල පුටුවක ගැටගහලයි හිටියේ ඇය තමන්ට සිදුවූයේ කුමක්දැයි පවසන්නට වූයේ එසේය.
දවසක් පුරා දෑත් ගැටගසා තිබුණි නම්, ඇගේ දෑතේ ගැට ගැසූ සලකුණු තිබිය යුතුය. ඒ කිසිදු සලකුණක් ඇගේ දෑත්වල නොවූ බැවින් ඒ ගැන නිරෝෂන් දිල්රුක්ෂට ඇතිවූයේ දැඩි සැකයකි. ඒ බව ඔහු සිය ප්‍රධානීන් වූ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී ශ්‍රී ලාල් පෙරේරා, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භද්‍රජි කාලිංග, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය යන නිලධාරීන්ට දැනුම් දෙමින් ඉදිරි විමර්ශන සඳහා උපදෙස් පැතුවේය. එහිදී ගම්පහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂිකා ප්රදීපාගේ සහය නිරෝෂන්ට ලැබෙන්නට විය. ඔවුන් සැලසුම්කරන්නේ පැහැර ගැනීමට ලක්වූ බව සඳහන් දැරිය රෝහල් ගත කරන්නටය. එ අනුව ඇය සිය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්කර ගම්පහ රෝහලට රැගෙන යනු ලැබිය.
ඇගේ පැහැර ගැනීමේ සැබෑ කතාව එළියට එන්නේ රෝහලේදීය. ඒ ඇයට හිතවත්වන හෙදියකට ඇය සැබෑ කතාව කියන බැවිනි.ඒ සැබෑ කතාවට අනුව ඇයව පැහැර ගැනීමක් සිදුවී නැත. ඇගේ සහෝදරයාගේ සැලසුමකට අනුව ඇය කර ඇත්තේ රඟපෑමකි. සහෝදරයා උසස් පෙළ විභාගයට ලබන වසරේ මුහුණ දීමට සිටින්නෙකි. සංගීත කණ්ඩායමක් සෑදීමේ තද ආශාවකින් පෙළී ඇති ඔහු ඒ සඳහා කිහිප විටකදීම ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය මවගෙන් මුදල් ඉල්ලා ඇවිටිලි කර තිබුණි. එය නොලැබුණු තැන බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට ඔහුට සිතක් පහලවී තිබේ. ඒ ගැන ඔහු මුලින්ම කතා කරන්නේ සිය නැගණිය සමගය. ඒ සති දෙකකට පමණ පෙරය. ඇය ඊට මුලින් දක්වන්නේ අකමැත්තකි. එහෙත් පසුව ඇය ඒ සැලසුමට එකඟවන්නේ සහෝදරයාගේ ආසාව ඉටුකර දෙන්නටය.
ඇය ඉකුත් 04 වෙනිදා වෙළෙඳසලට යනවා යැයි කියා නිවසින් එළියට බසින්නේ එකී සැලසුමට අනුවය. සැලසුම මදක් වෙනස් වන්නේ අසල්වැසි තරුණියත් ඇය සමග පැමිණෙන බැවිනි. පැරසිටමෝල් දෙකක් ගැනීමට අමතක වූ බව සඳහන් කරමින් ඇය නැවත පාරට යන්නේ සැලසුම අලුත් කරමිනි.
ඇය පාරට යන විට ඇගේ සහෝදරයා ඔහුට අයත් යතුරුපැදියකින් මග රැඳී සිටින්නේ ඇය එනතුරුය. ඇයව යතුරු පැදියේ නන්වාගන්නා ඔහු ඇය සමග යන්නේ ඇගේ මිතුරියකගේ උඩුගම්පොළ පෙතියාගෙඩ පිහිටි නිවසකටය.
තාත්ත වැඩකට ගියා, දවස් දෙක තුනක් ගෙදර එන්නේ නැහැ. ඒ නිවසේ ඇයව ඔහු නතර කරන්නේ එසේ කියමිනි.
පසුව නිවසට යන ඔහු කිසිවක් නොදන්නා අයෙක් ලෙස සිටියේය. පොලිසිය එහි එන විටත් ඔහු නිවසේ සිටියේය. කප්පම් ඉල්ලා පියාට තර්ජනාත්මක ඇමතුම දෙන්නේත් ඔහුය. ඒ කටහඩ වෙනස් කරමිනි. නිවසේ දුරකථනයට ඇමතුම් පාර්ශ්වය හඳුනා ගැනීමේ උපකරණය සවි කිරීමත් පොලීසිය පැමිණීමත් සමග වැඩේ වැරදුණු බව වටහාගත් බැවින් ඔහු නැවත නැගණිය රඳවා සිටි නිවසට ගොස් ඇයව රැගෙන එන්නේ පියා හදිසියේ රෝගී වී ඇති බව සඳහන් කරමිනි. අනතුරුව ඇයව වීදියවත්ත බස් නැවතුම්පොළින් බස්සවා නිවසට දුරකථන ඇමතුමක් දෙන්නැයි කියන්නේත් ඔහුය. ත්‍රිරෝද රථයකින් පැහැරගත් බව සහ නිවසක ගැටගසා සිරකරගෙන සිටි බව ඇය කියන්නේත් සහෝදරයාගේ කීමටය.ඇය මේ සියල්ල හෙදියට කීවේ දඟකාරකමට වඩා ඒ ගැන ඇයට එතරම් බරක් පතලක් නොදැනුණු නිසාය.ඒ වන විට ඇගේ පැහැර ගැනීම බොරුවක් බව පොලීසියද කරුණු රැසක් සොයාගෙන තිබුණේය.ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රදීපා පසුදින රෝහලට එන්නේ ඇය සමග සුහද කතාබහක නිරතවෙමින් ඇගෙන් උපක්රමශීලීව ප්‍රශ්න කරන්නටය.අපි හැම දෙයක්ම හොයාගෙනයි තියෙන්නේ. ඒ නිස ඇත්ත කියන්න ප්‍රදීපා ඇගෙන් විමසුවේ දැන් ඉතින් බොරු කියා පලක් නොවන බව ඇයට ඒත්තු ගන්වමිනි.
හෙදියට කී කතාවම ඇය එහිදී කියන්නට වූයේ ගැලවිල්ලක් නැති බව පසක් වීමෙන් අනතුරුවය. ඒ අනුව ඇගේ සහෝදරයා මෙන්ම ඇයවත් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ සිය දෙමාපියන් බිය ගන්වා කප්පමක් ගැනීමට තැත් කිරීමේ වරදටය.
ගයාන් කුමාර වීරසිංහ

No comments: