Lanka Net Gossip

ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 1ක් මරුට-4ක් රෝහලට

Loading...

හුංගම, කිවුල ප්‍රදේශයේදී  ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ පියා, මව සහ දරුවන් තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

අද(23) අළුයම 01.30ට පමණ අනතුර සිදුව වන අවස්ථාවේදී අදාළ පුද්ගලයා මෝටර් රථය පදවාගෙන පැමිණ ඇති අතර අනතුරට ලක්වූවන් බූන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි  රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Loading...

No comments:

Powered by Blogger.