සය හැවිරිදි දැරිය ගෙල මිරිකා මරලා
Loading...
සය හැවිරිදි දැරිය ගෙල මිරිකා මරලා
සාම්පූර් හි සය හැවිරිදි දැරියකගේ ගෙල මිරිකා මරා වළ දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 16 හැවිරිදි තරුණයකු ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් අයි. රස්වාන් මහතා පෙරේදා (10දා) නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ සාම්පූර් හා සිවම් අනුශාන්තනම් (16) නමැතෙකි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිලාර්කේන්හි ජෙගදීස්වරන් අජන්තා නම් සය හැවිරිදි දැරියකි.
දැරියගේ මව විදේශගතවී ඇති අතර සිද්ධිය වූ දින උදෑසන 10ට පමණ දැරිය ආච්චිලාගේ නිවෙසට යන බව පවසා නිවෙසින් ගොස් ඇත. දහවල් 11ට පමණ සැකකරු සමඟ මියගිය දැරිය කතා කරමින් සිටිනු ආච්චි අම්මා දැක ඇත. දහවල් 11.30ට පමණ සැකකරු ලඳු කැලෑව අසල සිට බයිසිකලයකින් යනු තවත් පුද්ගලයකු දැක ඇති බවටද පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දහවල් කාලය පුරාම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සොයා මෙහෙයුම් දියත් කළද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී ඇති අතර එදිනම රාත්‍රි 10.45ට පමණ නිලාර්කේනි හි කැලය තුළ සැඟවී සිටියදී පොලිස් ස්ථානාධිපති ස්වාහිර් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
සාම්පූර් පොලිස් ස්ථානාධිපති පො. ප. ඒ. ජී. ඒ. ස්වාහිර් මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
කන්තලේ _ ඩබ්.එම්. වික්‍රමසිංහ, ත්‍රිකුණාමලය – ඉන්ද්‍රචාප ලියනආරච්චි, ලක්මාල් කේ. බදුගේ, වාන්ඇළ – රවීන්ද්‍ර ගීගනගේ
මව්බිම
මව්බිම
Loading...
No comments: