කොටි දේශපාලන මූලස්ථානයත් රජයේ හමුදා අත්හැර යයි විජයකලා මහේෂ්වරන් මහත්මිය දෙමළ ජනතාව හා දෙමළ මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාය.
Loading...
යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේ මින් ඉදිරියට යාපනය පලාලි අධි ආරක්ෂක කලාපයට අයත් භූමියෙන් එක බිම් අඟලක් හෝ නිදහස් නොකරන බවයි. ආඥාපතිවරයාගේ මෙම ප්‍රකාශයට මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණ.
එම ප්‍රකාශයෙන් දින කීපයක් ගිය තැන එනම් පසුගිය 11 දා ඇමැතිවරියක වන විජයකලා මහේෂ්වරන් මහත්මිය දෙමළ ජනතාව හා දෙමළ මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාය. එහිදී ඇය කියා සිටියේ කිලිනොච්චිය පරවිපන්ජාන් ප්‍රදේශයේ යුද හමුදාව සතුව තිබෙන ඉඩම් ඉදිරි මාස දෙක තුළ නිදහස් කරදෙන බවත් ඉරණතිව් දූපතේ නාවික හමුදා කඳවුර පිහිටි ඉඩම් ජනතාවට බාර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් නියෝග කර ඇති අතර උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතුකරගෙන සිටින සෙසු ඉඩම් ඉදිරි වසර හතර තුළ නිදහස් කරදෙන බවත්ය.
විජයකලා මහේෂ්වරන් ඇමැතිනිය මෙම අදහස් ප්‍රකාශ කළේ කිලිනොච්චිය පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටි උපවාසකරුවන් පිරිසක් හමුවීමෙන් පසුවය. මේ ද දිනවල මාධ්‍ය අතර වැඩි කතාබහට ලක්ව තිබෙන ‘පරවිපන්ජාන්’ යන ගම්මානය පිහිටා තිබෙන්නේ කුමන ප්‍රදේශයේද යන්න ගැන කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් ඇති විය හැක.
සැබෑ කතාවනම් පරවිපන්ජාන් යනු කිළිනොච්චිය නගරයේම කොටසක් බවයි. එල්.ටී.ටී.ඊ.ය වන්නිය පාලනය කරන සමයේදී එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ පරවිපන්ජාන් ලෙසය. කොටි මහබැංකුව දේශපාලන කාර්යාලය, සාම ලේකම් කාර්යාලය, මාධ්‍ය ඒකකය, අධ්‍යාපන හා සංස්කෘතික අංශය ආදී අංශ රැසක මූලස්ථාන කාර්යාල මෙම කලාපය තුළ පිහිටා තිබිණ. එල්.ටී.ටී.ඊ. පරාජයෙන් පසුව මෙම ප්‍රදේශයේ හමුදා කඳවුරු හා නවාතැන් ගන්නා ස්ථාන පිහිටුවා තිබිණ. කෙසේ නමුත් නව රජය බලයට පත් වීමෙන් පසුව හමුදාව සතුකරගෙන සිටි ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක කඳවුරු ඉවත්කර එහි මුල් අයිතිකරුවන් යැයි කියන පිරිසකට එම ඉඩම් බාර දීමට කටයුතු කෙරුණි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ ඝෝෂාව එයින් නැවතුනේ නැත.
දෙමළ ජාතික සංවිධානයේ උසි ගැන්වීම මත ඉකුත් අගෝස්තු 25 දා අඛණ්ඩ උපවාසයක් ආරම්භ කෙරුණි. පරවිපන්ජාන් ප්‍රදේශයේ අටවන ලද තාවකාලික මඩුවක මෙම උපවාසය පැවැත්වුණි. උපවාසය සඳහා සහභාගි වූයේ ඉතා සුළු පිරිසකි. කෙසේ නමුත් උපවාසයත් සමග යුද හමුදාව සතුව තිබූ තවත් ගොඩනැගිලි කීපයක සිටි යුද හමුදාව ඒවායින් ඉවත්කර දිසාපතිවරයා වෙත භාර දීමට රජය කටයුතු කළේය.
එලෙස නිදහස් කරන ලද ගොඩනැගිලි අතර එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථානයද වේ. ( 2002 වසරේදී ප්‍රභාකරන් විසින් අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද්දේද මෙම කාර්යාලයේ සිටය.)
දැනට ඉතිරිව ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක් වූ එල්.ටී.ටී.ඊ. මහබැංකු මූලස්ථානය, එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන මූලස්ථානය (තමිලිනිගේ කාර්යාලය) ඇතුළු ගොඩනැගිලි කීපයක් පමණි. කිළිනොච්චියේ පදිංචිකරුවන් කියන පරිදි පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි ඉඩම් සතු මුල් පදිංචිකරුවන් සිටියද 2000 වසරේ සිට එම ප්‍රදේශය පාලනය කරන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය විසිනි. ඇතැම් ඉඩම් එහි හිමිකරුවන් විසින් එල්.ටී.ටී.ඊ.යට විකුණන ලද බවත් තවත් ඉඩම් කීපයක් විදේශගතවීම සඳහා එකල වන්නියෙන් පිටවීමට අවසර ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය වෙත කප්පම් ලෙස දී ඇතැයිද තවත් ඉඩම් ප්‍රමාණයක් එකල ඊළාම් රාජ්‍යයේ අභිවෘද්ධිය සඳහා පරිත්‍යාග කරන ලද ඒවා බවද කියති. එල්.ටී.ටී.ඊ. අයිතියට පත් වූ මෙම ඉඩම්වල ඔප්පු තිරප්පුවල අයිතිය වෙනස් කිරීමට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කළේ නැත. ඒ සඳහා එල්.ටී.ටී.ඊ.යට අවශ්‍යතාවක් පැන නැගුණේද නැත. ඒ මක් නිසාද යත් එහි ක්‍රියාත්මක වූයේ ඊළාම් පරිපාලනය මිස ශ්‍රී ලංකා පරිපාලනය නොවූ බැවිනි. ඒ නිසා අදටත් එම ඉඩම්වල ඔප්පු තිරප්පු ඇත්තේ පැරණි හිමිකරුවන්ගේ නමටය. ඇතැම් ඉඩම්වල කෝටි ගණන් වටිනා එල්.ටී.ටී.ඊ. ඉදිකිරීම්ද ඇත.
එක් අතකින් තම අයිතිය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා රජයේ ඔප්පු තිරප්පු ඇතැතිව පැමිණෙන අයවලුන්ට එම ඉඩම් අයිතිය භාර දීමේ වරදක්ද නැත. එහෙත් ඇසිය යුතු මෙවැනි ප්‍රශ්නද තිබේ. ‘එල්.ටී.ටී.ඊ. එක උඹලගෙන් මේ ඉඩම් ගත්තේ කොහොමද?
කොයි කාලෙද ගත්තේ? නිකම් දුන්නනම් ඇයි නිකම දුන්නේ? බලෙන් ගත්තා නම් ඒ ගැන කාටද පැමිණිලි කළේ? බලෙන් ඉඩම් ගත්ත එල්.ටී.ටී.ඊ.ය ගැන අද මොකද කියන්නේ?’
මේ ප්‍රශ්න කීපය එම ඉඩම් හිමිකරුවන්ගෙන් විමසීමට රජයේ බලධාරයෙකු ඉදිරිපත් නොවන්නේ ඇයිද යන්න පොදු ජනතාවට තිබෙන ප්‍රශ්නයයි.
අගමැතිවරයා නැවත භාරදීමට පොරොන්දු වූ බව කියන ඉරණතිව් දූපත පිහිටා ඇත්තේ මන්නාරම, පුනරීන් මාර්ගයේ සිට කිලෝ මීටර 25ක පමණ දුරින් මුහුදු ප්‍රදේශයට වන්නටය. ධීවර පවුල් කීපයක් වාසය කළ මෙම දූපත වසර 26ක කාලයක පටන් පවතිනුයේ ජනශුන්‍යවය. වසර 15කට පෙර මගීන් 54කට මරු කැඳවූ ලයන් එයාර් යානාවට එල්.ටී.ටී.ඊ.ය මිසයිල් ප්‍රහාර එල්ල කරන ලද්දේ මෙම දූපතේ සිටය. ඉන්දියානු මුහුදු සීිමාවට ආසන්නයෙන් පිහිටි මෙම දූපත රාජ්‍ය ආරක්ෂාව සඳහා ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බැවින් 2008 වසරේදී නාවික හමුදාව විසින් මෙහෙයුමක් කර මෙම දූපත අත්පත් කර ගන්නා ලදී.
මේ වනවිට මෙහි නාවික හමුදා සංකීර්ණයක් එහි ස්ථාපිත කර නාවික හමුදාව දූපතේ පාලනය සිදු කරයි.
මේ අතර මන්නාරම නගරාසන්නයේ පල්ලිමුණේ ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුරේ මැනුම් කටයුතු සඳහා මිනින්දෝරු නිලධාරීන් පැමිණි අවස්ථාවේදී විරෝධතා පැවැත් වූ ප්‍රදේශවාසීහු මැනුම් කටයුතු අත්හිටුවීමට කටයුතු කළේය.
මෙම සිදුවීම් දාමය දෙස බලන විට වැටහෙන එක් කාරණාවක් වන්නේ උතුරු - නැගෙනහිර ආරක්ෂාව හා ඉඩම් නැවත භාරදීමට ඇති ව්‍යාකූල භාවයයි. යාපනය යුද හමුදා ආඥාපති යනු රජයේ නිලධාරියෙක්. විජයකලා මහේෂ්වරන් යනු යාපනයේ දේශපාලන අධිකාරිය හිමි තැනැත්තියයි. පොදු ජනතාවට බලා සිටීමට සිදුව ඇත්තේ ඉදිරියේදී මේ දෙදෙනාගෙන් කාගේ ප්‍රකාශ සත්‍යවේද යන්නයි.
උඩුවිල් බාලිකා විදුහලේ ගැටලුව
යාපනය උඩුවිල් බාලිකා විද්‍යාලයේ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය උතුරේ මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. උඩුවිල් බාලිකා විදුහල යනු අධිරාජ්‍ය සමයේ මිෂනාරි අධ්‍යාපනයත් සමග ආරම්භ වූ පාසලකි. මේ වනවිට පාසල ක්‍රියාත්මක වන්නේ අර්ධ රාජ්‍ය පාසලක් ලෙසිනි. සාපේක්ෂව ගතහොත් මෙම පාසල තුළ හොඳ අධ්‍යාපන පසුබිමක්ද ඇත. තත්ත්වය එසේ තිබියදී මීට සති දෙකකට පෙර පාසලේ බාලිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් ආරම්භ වූ අතර පසුව එය අඛණ්ඩ උපවාසයක් බවටද පත්විය. උපවාසයේ යෙදුනු සිසුවියන්ගේ ඉල්ලීම වන්නේ විදුහලේ වත්මන් විදුහල්පතිනිය ලෙස කටයුතු කරන තිරානි මිල්ස් මහත්මියගේ සේවය තවදුරටත් අවශ්‍ය බවත් විදුහලට කෙරෙන දේශපාලන අත පෙවීම් නතර කරන ලෙසත්ය. සිසුවියන් චෝදනා එල්ල කරන දේශපාලනඥයා වන්නේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතාය. සුමන්තිරන් මහතා මැදිහත් වී විදුහල්පතිනියට ස්ථාන මාරුවක් දී ඇතැයිද බාලිකාවෝ චෝදනා කරති.
බාලිකාවන් විසින් අඛණ්ඩව පවත්වනු ලැබූ මෙම විරෝධතාව නිසා උතුරේ අධ්‍යාපන අංශද මහත් සේ අපහසුතාවයට පත්විය. කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 09දා යාපනයට පැමිණියේ යාපනය පොලිස් ස්ථානය විවෘත කිරීම ඇතුළු උත්සව අවස්ථා කීපයටම සහභාගි වීම සඳහාය.
ජනපතිවරයාගේ සංචාරයටද මෙම විරෝධතාවය බාධාවක් වේ යැයි බලධාරීහු කල්පනා කළෝය. අවසානයේදී 08දා මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ජුඩ්සන් මහතා මැදිහත් වී විරෝධතාව තාවකාලිකව නතර කරවීමට කටයුතු කළේය.
නමුත් උඩුවිල් බාලිකාවේ ප්‍රශ්නය අළුයට ගිනි පුපුරු මෙන් තවමත් නොනිවී පවතී.
දැන ගන්නට ලැබෙන පරිදි උඩුවිල් බාලිකා විදුහලේ ගැටලුව පසුබිමේ ඇත්තේ ආගමික ප්‍රශ්නයකි. උඩුවිල් බාලිකාව මුල් කාලයේදී පාලනය කර ඇත්තේ ‘ඇමෙරිකන් මිෂන්’ නම් ආගමික නිකාය විසිනි. පසු කලෙක ඇමෙරිකන් මිෂන් හා සී.එස්.අයි. (ඛිඩභපජඩ ධට ඉධභබඩ දඤඪච) එකට එක්වන අතර ඉන් පසුව ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඛිඉ ආගමික නිකායයි. මෙම ආගමික නිකායේ ජ්‍යෙෂ්ඨයා ලෙස කටයුතු කරනුයේ ජෙබනේෂන් පියතුමාය. නමුත් මීට වසර 7-8කට පෙර ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු ත්‍යාගරාජා පියතුමා ඉන්දියාවට ගොස් එහි වෙසෙන ආගමික නායකයින්ගේ ආශිර්වාදය ලැබ ඛිඉ ආගමික නිකායේ බිෂොප් (රදගුරු) ලෙස පත්විය. මෙහිදී මෙම පත් කිරීමට ජෙබනේෂන් පියතුමා විරෝධය පළකළ අතර එහිදී ඇතිවූ මතවාදී ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ජෙබනේෂන් පියතුමා ඇමෙරිකන් විෂන් නිකාය නැවත ස්ථාපිත කර එම නිකායේ රදගුරු තනතුරට පත්විය. මෙම ගැටලුවේදී දේවස්ථාන බෙදාගැනීමේ ගැටුම අධිකරණ තීන්දු දක්වා දුර දිග ගියේය. කෙසේ නමුත් උඩුවිල් බාලිකා විදුහලේ අයිතිය හිමිවූයේ ඛිඉ නිකායටයි. විශ්වාශනීය ආරංචි මාර්ගවලට අනුව උඩුවිල් බාලිකා විදුහල් අරමුදලේ විශාල මුදලක් තැන්පතු ලෙස ඇත. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ විදුහලේ මුදල් ලබා ගැනීමට කළ උත්සහයක් අසාර්ථක වීම නිසා විදුහල්පතිනිය විශ්‍රාම ගන්වා එම විදුහලේම සේවය කරන ගුරුවරියක විදුහල්පතිනිය ලෙස පත් කිරීමට උත්සහ කරන බවයි. සුමන්තිරන් මහතා මෙම ගැටලුවට මැදිහත් වන්නේ විදුහල් පාලක කමිටුවේ ප්‍රබල සාමාජිකයකු ලෙස ඔහුද කටයුතු කරන බැවිනි. එමෙන්ම සිසුවියන්ගේ උපවාසය නතර කිරීමට බල කරමින් ගුරු මණ්ඩලයේ පිරිසක් සිසුවියන්ට පහරදීමක් කර ඇති බවට අධ්‍යාපන සංගම් කීපයක්ම චෝදනා කර ඇත. එමෙන්ම මාධ්‍ය ආවරණ සඳහා ඡායාරූප ගැනීමේදී පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් හා දෙමාපියන් අතර ගැටලු සහගත අවස්ථා කීපයක්ම පැන නැගුණි. විරෝධතාවයේ යෙදෙන බාලිකාවන්ගේ ඡායාරූප ගැනීමේදී ඇතැම් පිරිස් එයට විරෝධය පළ කර තිබිණි.
කෙසේ නමුත් සාමාන්‍ය ජනතාවට වැටහෙන පරිදි අර්බුදයට හේතුවී ඇත්තේ මුදල් ගැටලුවක් හා නිකාය භේදයකි. නමුත් එහි ඉත්තන් වී සිටින්නේ අධ්‍යාපනය ලබන සිසුවියන් කණ්ඩායමකි. මේ වනවිට සති දෙකක පමණ කාලයක් පුරා පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

සනත් ප්‍රියන්ත - වවුනියාව
Loading...
No comments: