Lanka Net Gossip

ඔබටත් නිතරම වගේ ලෙඩ රෝග හැදෙනවද එහෙනම් ඔබ නිදා ගන්නේ මෙහෙමද මෙම ඉරියව් වලින් නිදා ගත්තොත් එහෙම වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි

Loading...

දිනපතා කාර්යබහුලව රාජකාරී කර නිවසට ඔබ පැමිණෙන්නේ ඉතා වෙහෙස මහන්සියට පත්වය.ඔබගේ කයට හා මනසට ලැබෙන්නා වූ එකම සහනය වන්නේ නින්දයි.දිනකට අවම වශයෙන් පැය 6ක පමණ නින්දක් ශරීරයට අවශ්‍ය බව පරීක්ෂණ මගින් සොයාගෙන ඇති අතර මේ කාලය අඩු වීම නිසා නොයෙකුත් රෝගයන් හටගැනීමේ අවදානම ඇත.නින්ද මගින් කයට හා මනසට විවේකයක් ලබාදෙයි.නමුත් බහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ නින්ද නොයාමයි.මෙයට විවිධ හේතුන් බලපායි.ඒ හේතුන් අතර වැරදි ඉරියවු හා වැරදි ක‍්‍රියාකලාපයන් ප‍්‍රමුඛ ස්ථානයක් ගනී.ඒවා නම් පහත ආකාර වේ.

 රාත‍්‍රී නින්දට යාමට පැය 1කට 2කට පෙර දියර වර්ග පානය කිරීමෙන් නින්ද අතරතුර ඔබට දෙතුන් වතාවක් පමණ අවදිවී බාත්රූම් යාමට සිදු වේ.එය ඔබගේ නින්දට බාධාවක් වේ.

දවසේ  ඕනෑම වෙලාවක නින්දට යාම සිදු නොකරන්න.නින්දට යාමට දිනපතාම එකම වෙලාවක් තබාගන්න.එවිට ඔබගේ මොළයත් ඒ වෙලාවට ඔබට නින්ද අවශ්‍ය බවට සංඥ ලබාදේ.

නින්දට යාමට පෙර ඔබ ළÛ ඇති සියලූම ඉලෙක්ට්‍රොනික උපකරණ පසෙකින් තබන්න.කිසි විටෙකත් ඒවා ඇඳට නොගන්න.ඒ සියල්ල මගින් ඔබේ නින්දට බාධාවක් ඇතිවෙන අතර එමගින් සිරුරට මෙන්ම මනසට සහනයක් නොලැබේ.

ඔබට ඇඳට විත් පොත් කියවීමේ පුරුද්දක් තිබුනේ නම් එයින් මිදීමට වහාම කටයුතු කරන්න.එමගින් සිදු වන්නේ එම පොත් වල අඩංගු සිදුවීම් යනාදිය ඔබගේ මනසේ සක්මන් කරමින් නින්දට බාධා පැමුනුවීමයි.

ඔබ රාත‍්‍රීයේදී ද කෝපි පානයට පුරුදු වී සිටින අයෙක්නම් නිදා ගැනීමට අවම පැය 4කතවත් පෙර කෝපි පානය කල යුතුයි.කෝපි ඔබගේ නින්දට බාධා කර ඔබව අවදියෙන් තැබීමට කටයුතු කරයි.

ඔබේ ශරීරයට අපහසු මෙට්ට භාවිතයෙන් ඉවත් වන්න.දවස පුරා කාර්යබහුලව කටයුතු කරන ඔබට වගේම ඔබේ මනසටත් එකම සහනය නින්ද පමණයි.නිදා ගන්නා විටද අපහසුතා ඇතිවීමෙන් සුවබර නින්දක් ඔබට අහිමි වනු ඇත.

ඔබ නිදා ගන්නා වෙලාවට අවම වශයෙන් පය 2කතවත් පෙර රාත‍්‍රී ආහාරය ලබා ගන්න.නැතිනම් ජීරණ ක‍්‍රියාවලිය සඳහා ඔබට නින්ද කැප කිරීමට සිදු වනු ඇත.

රාත‍්‍රී කාලයේදී සිදු කරන්නාවූ ව්‍යායාම මගින් ඔබේ නින්ද සුවබර කරයි.නින්දට පැය 3කතවත් පෙර ඔබ විසින් ව්‍යායාම සිදු කල යුතු වේ.

ඔබේ දෙපතුල් අධික සීතලකට ලක්වී තිබෙන විට එය ඔබගේ නින්දට බාධා කරයි.එම නිසා දෙපතුලේ උණුසුම රැුකෙන පරිදි මේස් හෝ යොදා නින්දට යාමට කටයුතු කරන්න.

ඔබ විසින් පැත්තකට හැරී නිදා ගැනීම පුරුදු කරගත යුතු අතර මුනින් අතට හෝ උඩුබැලි අතට නිදාගැනීම සෞඛ්‍යට හිතකර නොවේ.
Loading...

No comments:

Powered by Blogger.