Lanka Net Gossip

අද (13) අළුයම පොලිසිය කල වෙඩි තැබීමකින් තුවාල ලැබු අයෙකු සහ තවත් අයෙකු ත්‍රීකුණාමලය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වරාය පොලිසිය කියා සිටි

Loading...

පොලීසිය කළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් රෝහලේ

ත්‍රීකුණාමලය උසාවි මංසන්ධියෙදී අද (13) අළුයම පොලිසිය කල වෙඩි තැබීමකින් තුවාල ලැබු අයෙකු සහ තවත් අයෙකු ත්‍රීකුණාමලය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වරාය පොලිසිය කියා සිටි. වෑන් රථයක් හා එහි රියදුරු වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි දිලිප් කුමාර නැමැති අයෙකි. තුවාල ලැබු අනෙක් අය ත්‍රීකුණාමලයේ පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.
වරාය පොලිසිය කියන අන්දමට ත්‍රීකුණාමලය උසාවියේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරියෙකු  අළුයම 12.30 ට පමණ උසාවි මංසන්ධියේ පිහිටි කෝවිල අසලදී වෑන් රථයකයට අයෙකු බලහත්කාරයෙන් නංවා ගෙන යෑමට දරණ උත්සහයක් හා කලබලකාරි සිදුවීමක් නිරීක්ෂණය වී තිබේ. පොලිස් නිළධාරියා වහා එම ස්ථානයට යන විට වෑන් රථය පලා යාමට උත්සහ දරා ඇති අතර, එය නතර කරන ලෙස කල නියෝගයද නොතකා රථය පොලිස් නිළධාරියාද යට කරමින් ධාවනය කිරීමට ගත් උත්සහය ව්‍යර්ත කිරීමට වෙඩි තබා ඇති බව කියයි. සිද්ධිය වු අවස්ථාවේ මෙම පිරිස බීමතින් පසුවු බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් සුළු තුවාල ලැබු අය කෝවිල අසලදී ආවේශ වී කලබල කිරීමට උත්සහ ගත් බවත්,ඔහු නිවසට රැගෙන යාම සදහා වෑන් රථයට වෑයමක් දරා නංවා ගෙන රැගෙනයාමට උත්සහ දරද්දී මෙම වෙඩි තැබීම සිදුවු බව අනාවරණය වී තිබේ. මේ සම්බන්දයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මංගලනාත් ලියනආරච්චි - ත්‍රීකුණාමලය
Loading...

No comments:

Powered by Blogger.