Lanka Net Gossip

වෙළෙඳසැලක් හොරා කෑ පාසල් සිසුන් 3ක් මාට්ටු

Loading...




ඇල්ල, උඩුවර ප්‍රදේශයේ වෙළෙඳසැලක් බිද මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාත්‍රී කාලයේ වෙළෙඳසැලේ ඉබි යතුරු කඩා දමා වෙළෙඳසැලට ඇතුළුවී මුදල්, බීම බෝතල්, බිස්කට් පැකට් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොරගෙන ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ළමුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී සොරාගෙන තිබූ මුදල් වියදම්  වූ බවත්, බිස්කට් සහ බීම පානය කර ඇති බවත් සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

සොරාගත් අනෙකුත් භාණ්ඩ සඟවා තිබියදී පොලීසිය විසින් සොගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් අවුරුදු 16 සහ 14 වයසේ පසුවන්නන් බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Loading...

No comments:

Powered by Blogger.