පැයකට රුපියල් 3000 ක පමණ මුදලක් සිඟමන් යැදීමෙන් ඔවුන්ට ලැබෙන බව මෙහිදී හෙළිවී තිබෙනවා.
Loading...
වර්ණ සංඥ අසල තාවකාලිකව නවතා තැබෙන වාහනවලින් සිඟමන් යැදීමේ සිටි කාන්තාවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
හොඳින් ඇඳ පැළඳ කුඩා අත දරුවන් වඩාගෙන මීගමුව නගරයේ මාර්ග සංඥා කණු අසල රැඳී සිට වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් සිඟමන් යැදීමේ වෘත්තියේ යෙදී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත ඉදිරියේ සඳහන් කර සිටියේ.
මහවැව ප්‍රදේශයේ පදිංචිකාරියන් වන ඔවුන්ගෙන් එක් කාන්තාවකගේ සැමියා මසකට රුපියල් 30,000 ක වැටුපක් ලබන රැකියාවක නිරතව සිටින බවයි අධිකරණයේදී අනාවරණය වුණේ.
පැයක පමණ කාලයක් තුළ රුපියල් 3000 ක සිඟමන් ඔවුන්ට ලැබෙන බව මෙහිදී හෙළිවී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දැඩිව අවවාද කර කාන්තාවකට රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දැඩිව අවවාද කර කාන්තාවකට රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
Loading...

No comments: