Lanka Net Gossip

38 සැමියාට හැමදාම සම්බාහනයට යන්න එපැයි කී 19 බිරිඳට නතරවෙන්න වුණු තැන

Loading...

සිය සැමියාට සම්බාහන සායනයට දිනපතා නොයන්න යැයි දැන්වීමෙන් පසු සැමියාගේ පහරකෑමට ලක්වූ කාන්තාවක් තැළීම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි. මෙලෙස තැළීම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි විවාහක තරුණියකි.
කෑගල්ල රෝහල් පොලිසිය කියා සිටියේ රෝහලේ ප්‍රතිකාර ලබන තරුණිය සිය මවුපියන් විසින් ගෙනා විවාහ යෝජනාවකට අනුව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි දැනට රත්මලාන ප්‍රදේශයේ උසස් ආයතනයක රැකියාවක් කරන 38 හැවිරිදි පුද්ගලයකු සමඟ මීට මාස 10කට පමණ ඉහතදී විවාහ වී ඇති බවයි.
විවාහ කර දෙන අවස්ථාවේදී තරුණියගේ මවුපියන් මනමාලයා පිළිබඳ කිසිවක් තොරතුරු සොයා බලා නොමැති අතර දැනට ඔහු කරන ලද රැකියාවේ උසස් තනතුර පිළිබඳ පමණක් සොයා බලා විවාහ කර දී ඇති බවත් විවාහයෙන් පසු මනාලයා සිය මනාලිය ඔහුට ආයතනයෙන් ලබාදී ඇති නිවෙසට කැන්දාගෙන ගොස් ඇති බවත් මාස ගණනාවක් දෙදෙනා එහි සතුටින් ජීවත්ව ඇති බවත් පොලිසිය කියයි.
මේ 38 හැවිරිදි පුද්ගලයා සෑම දිනකම සිය රැකියාව නිමකර රත්මලාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන ආයතනයකට යන බවත් පොලිසිය කියයි.
සම්බාහන ආයතනයට යන බව මත්ද්‍රව්‍ය පානය කර සිටි අවස්ථාවකදී මේ පුද්ගලයාම බිරියට ප්‍රකාශ කර ඇත.
පසුව තරුණිය අදාළ සම්බාහන ආයතනය සොයාගෙන ගොස් එම ආයතනයේ නිලධාරීන්ගෙන් සිය සැමියා පිළිබඳ තොරතුරු සොයාගෙන ඇත.
පසුව තරුණිය සැමියාට සම්බාහන ආයතනයට නොයන ලෙස දන්වා ඇති අතර ඔහු එය පිළිනොගෙනම දිනපතාම ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙදෙනා අතර මාස ගණනාවක් තිස්සේ අඬදබර සිදුව ඇති බවත් අවස්ථා කීපයක දී පුරුෂයා මෙම තරුණියට පහරදී ඇති බවත් ඉකුත් 20 වැනිදා ද ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පුද්ගලයා 19 හැවිරිදි සිය බිරියට පහරදී ඇති අතර පසුව ඇය කෑගල්ල පදිංචි සිය මවුපියන්ට දැන්වීමෙන් පසුව පියා එහි ගොස් දියණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.
Loading...

No comments:

Powered by Blogger.