Lanka Net Gossip

නටන්න විසේ ඇති තරුණියන්ට හැදෙන්න පාඩමක් ඉගැන්වූ ගාල්ලේ ගුරාගෙන් ඉගෙන ගන්නව නම් මෙන්න පාඩමක්

Loading...

දිනය 2016.10.09 වැනිදාය. ගාල්ල නගරයේ බෝපේ ප්‍රදේශයේ පිහිටි එක්තරා නිවෙසක ජීවත් වූයේ අවුරුදු 15ක් වයසැති මිනිබිරියක සහ ආච්චිත් සීයාත්ය. මෙම කතාවේ කතා නායිකාව වන 15 හැවිරිදි දියණිය අපි නිලුෂිකා යනුවෙන් හඳුන්වමු. ඒ වන විට එම නිවෙසේ රූමත් මිනිපිරිය සමඟ ආච්චිත්, සීයාත් වෙනදා මෙන්ම සාමාන්‍ය ලෙසින් වාසය කළහ. හදිසියේම මෙම නිවෙසට කඩා වැදුණු දාමරිකයකු නිවැසියන්ට පිහියක් දිගුකර තර්ජනාත්මක විලාසයෙන් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේ නිවැසියන්ට කිසිවක් කරකියා ගැනීමට කිසිදු ඉඩක් නොතබාය.
මිනිපිරිය සමඟ නිවෙසේ වාසය කරන ආච්චිට සහ සීයාට පිහියක් දිගු කරමින් අයි.ආර්.සී. පාර්ට් දමන මෙම දාමරිකයාගේ කෙරුවාව ඒ වන විට නිවෙස අසලින් ගමන් කරමින් සිටි තරුණයකු දුටුවේය. සිය ගම් පළාතට පැමිණි නාඳුනන පුද්ගලයකු සීයා සහ ආච්චී බියවද්දා නිවෙස කොල්ලකෑමට උත්සාහ කරන්නේ යැයි සැක සිතූ එම තරුණයා සිය මිතුරන් දෙතුන් දෙනකුට මේ පිළිබඳ වහාම දැනුම් දීමෙන් අනතුරුව තරුණයන් එක්ව පිහි පාර්ට් දැමූ කෙරුමා අල්ලා ගැනීමට එම නිවෙස දෙසට ගියහ. වහාම ක්‍රියාත්මක වූ බෝපේ ප්‍රදේශයේ තරුණයෝ පලා යන පෙර කී නාඳුනන පුද්ගලයා පසුපස ලුහුබැඳ ඔහු අල්ලා ගත්තෝය.
හොරා අල්ලා ගැනීමෙන් අනතුරුව ගාල්ල මූලස්ථාන පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් තරුණයෝ මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නෝය.
'සර්... බෝපෙ ගෙදරකට මිනිහෙක් ඇවිත් ගෙදර මිනිසුන්ට පිහියක් දික් කරලා පාට් දාද්දී අපි අල්ල ගත්තා. හොරෙක්ද කොහෙද සර්...'
මෙම හදිසි ඇමැතුමෙන් වහාම ක්‍රියාත්මක වූ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට යැවීමට කටයුතු කළේය. ගමේ තරුණයන්ගේ එකමුතුකමින් අල්ලාගත් මෙම අබිරහස් පුද්ගලයා මැර පාට් දැමූ පිහියද සමඟ අත්අඩංගුවට ගත් පොලිසිය සැකකරු ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියේය.
කුමාර නමැති 39 හැවිරිදි විවාහකයකු වූ මෙම සැකකටයුතු පුද්ගලයා දෙදරු පියකු බවත් ගාල්ල නගරයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයක ස්වෙච්ඡාවෙන් සේවය කරන ගුරුවරයකු බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය.
'ඇත්ත කියනවා... තමුන් පිහියක් අරන් ගිහින් මොකක්ද නටපු නාඩගම?' මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා විධානාත්මක ස්වරයෙන් ප්‍රශ්න කරද්දී සැකකරු මෙතෙක් හෙළි නොවූ අනුවේදනීය කතාවක් පොලිසියට හෙළි කළේ මෙලෙසිනි.
'සර්... මම ඒ ගෙදර ඉන්න අවුරුදු 15 දරුවට කෝල් කළා... ඒත් ෆෝන් ආන්ස්වර් කළේ නැති නිසයි මං ගෙදරට ගිහින් බය කළේ...'
ගමේ තරුණයන් සොරෙක් කියා අල්ලා ගත් මෙම සැකකරු සොරෙක්ට එහා ගිය අපරාධකාරයෙක් බව ඉවෙන් මෙන් වටහාගත් ස්ථානාධිපතිවරයා සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.
'ඉතිං... කියනවා. මොකක්ද ඒ කතාව.'
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සියල්ල පාපෝච්චාරණය කළේ මෙලෙසිනි.
'සර් මම ඒ ගෑනු ළමයව අඳුනගත්තෙ එයාගෙ මාමා කෙනෙක් හම්බවුණු දවසක. මම දැන ගත්තා අම්මා එයාව දාලා ගිහින් තාත්තත් රට ගිහින් ඒ ළමය ආච්චියි සීයයි එක්ක ඉන්නෙ කියලා. මම දැනගත්තා මේ ළමයා මෝස්තර නිරූපණයට නැටුම් පුහුණුවට ගොඩක් ආස කරන බව. මම ඒ ළමයගෙ යාළුවෙක්ට මගේ ෆෝන් නම්බර් එක දීලා කිව්වා මොඩ්ලින් හරි නැටුම් හරි ඉගෙනගන්න ආස නම් මගේ අංකෙට කතා කරන්නයි කියලා. මම හිතපු විදියටම මට ඒ ගෑනු
ළමය කතා කළා. මම ගාල්ල නගරෙ තැන් කිහිපයකට ගෑනු ළමයව ගෙන්න ගත්තා'
'ගෙන්නගෙන මොකද කළේ?' උසස් පොලිස් නිලධාරියාගේ මුහුණේ පැවැතියේ විමර්ශනාත්මක බැල්මකි.
'මම ඒ ගෑනු ළමයට කිව්වා මොඩ්ලින් කරන්න උගන්නන්නම්, නැටුම් එහෙමත් උගන්නන්නම් කියලා. රඟපාන්න අවස්ථා ලබා දෙන්නම් කියලත් කිව්වා. ඒ ගෑනු ළමය මාව විශ්වාස කළා. ඒ නිසාම නිතරම මම ගන්න කෝල්වලට ආන්ස්වර් කරල හොඳට කතා බහ කළා.
පසුගිය නව වැනි මාසෙ ‍දොළොස් වැනිදා ඒ ගෑනු ළමයා තවත් යාළුවෙක් එක්ක කළුතර බෝධිය වඳින්න ගියා. කෝච්චියෙන් ගිහින් කෝච්චියෙම එද්දි මම ඒ ගෑනු ළමයට කතා කරල කිව්වා හික්කඩුවෙන් බහින්න කියලා. ඒත් එයා කැමැති වුණේ නෑ. පස්සෙ මම යාළුවෙක් එක්ක කාර් එකෙන් ගාල්ලට ගියා. කෝච්චිය ගාල්ලට එන වෙලාවටම මමත් කාර් එකෙන් ගාල්ලට ගියා.
ඒ වෙලාවෙ කාර් එකේ පිටිපස්සෙ මං අඳුනන අඹු සැමි යුවළක් හිටියා. මම ගෑනු ළමයව කාර් එක ළඟට ගෙන්නගෙන වාහනයට නඟින්න කිව්වා. තවත් ගෑනු කෙනෙකුත් හිටපු නිසා එයා කාර් එකට නැග්ගා'
'ඊට පස්සෙ කොහෙටද ගියේ?'
'ගාල්ල ටවුන් එකෙන් මාතර පැත්තට කාර් එකෙන් ගියා. ගාලු පාරේ මාතර පැත්තට යනකොට උණවටුනෙන් අර අඹු සැමි යුවළ බැස්ස සර්. ඊට පස්සෙ මම ගෑනු ළමයව අරගෙන අහංගම ප්‍රදේශයේ හෝටලයකට ගියා. මම ඒ වෙලාවෙ පිහියකුත් හංගගෙන ගියේ. මම කියපු යෝජනාවට එයා අකැමැති වුණු නිසා මම ඒ පිහිය පෙන්නලා මරනවා කියලා බය කරලා ගෑනු ළමයව දූෂණය කළා. එදා ඇඳිරි වෙනකන් ඒ හෝටල් කාමරේ ඉඳලා මම අඳුනන කාන්තාවක් ඉන්නවා මූපේ ප්‍රදේශයේ.
එදා රෑ ගෑනු ළමයව ඒ ගෙදර ඉන්දලා පහුවදා උදේ තවත් ගෑනු කෙනෙක්ගෙ ගෙදරට එක්කන් ගිහින් කාලා ඒ ගෑනු කෙනා ලවා ගෑනු ළමයව එයාගෙ ගෙදරට ඇරලුවා. සර්'
'දැන් කියනවා ගෙදරට ගිහින් පිහි පෙන්නල සද්දෙ දැම්මෙ ඇයි?' උසස් පොලිස් නිලධාරියාගේ මුහුණෙහි වූයේ දැඩි බැල්මකි.
'ඒ සිද්ධිය වුණු දවසෙ ඉඳන් එයා මගේ කෝල් එකක්වත් ආන්ස්වර් කළේ නෑ සර්. ඒ නිසා මම පිහියක් අරගෙන ගෙදරට ගිහින් ඒ විදියට හැසිරුණා සර්'
සොරෙක් කියා සැක සිතී ගමේ තරුණයන් විසින් අල්ලා පොලිසියට දැන්වූ මෙම සැකකරුගේ සැබෑ පැටිකිරිය එලෙස එළියට ඒමත් සමඟ ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පො.ප. උදය කුමාර මහතා මෙම ක්‍රියාන්විතයේ තවත් අදියරක් ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා ඩී. අල්ගෙවත්ත, උ.පො.ප. චන්ද්‍රසේන, සමරනායක, මධුශංක යන නිලධාරීන් ඇතුළු පිරිසකට භාර දුන්නේය. ඒත් සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිසිය පෙර කී කතා නායිකාව වන 15 හැවිරිදි බාල වයස්කාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළේය.
මෙම පාපතරයාගේ පැටිකිරියේ තවත් කතාන්දර ඒ අනුව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර වින්දිත බාල වයස්කාරිය අහංගම හෝටලයට රැගෙන ගොස් සිටියදී ඇය එම අපයෝජනයට විරුද්ධ වූ බැවින් මෙම අමනයා බාල වයස්කාරියගේ ඇඳුම්ද පිහියෙන් කපා ඉවත්කර මෙම බාල අපරාධය සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය.
පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇති තවත් කරුණක් වන්නේ, කුමාර නමැති මෙම විවාහක අමනයා තමාගේ යැයි හඟවමින් පාවිච්චි කරන ලද කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය ඔහුට අයත් එකක් නොවන බවත් එය සැකකරුගේ මිතුරකුගේ මෝටර් රථයක් බවත්ය.
එම මෝටර් රථයද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වින්දිත දැරිය අපයෝජනය පිණිස රැගෙන යන අවස්ථාවේ මෝටර් රථයේ සිටි අඹු සැමි යුවළද, අපයෝජනයෙන් පසු දැරියට රාත්‍රියක් නවාතැන් සැපයූ කාන්තාවද, අදාළ අහංගම හෝටලයේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ බාල වයස්කාරියක අපයෝජනය කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේය.
සල්ලිකාරයකු ලෙසත්, ගුරුවරයකු ලෙසත් ගාල්ල නගරයේ මෙවැනි අධම රංගනයක නියැළී ඇති කුමාර නමැති මෙම අමනයාගේ තවත් නරුමකම් පිළිබඳ ගාල්ල පොලිසිය මඟින් හෙළිකර ගෙන ඇත්තේ මෙලෙසිනි.
වින්දිත දැරිවිය අපයෝජනයට ලක් කළ දින අදාළ අහංගම හෝටලයේ දැරිය සිටි කාමරයෙන් ළාබාල දැරියකගේ ඉකිබිඳුම් හඬක් ඇසී එම හෝටලයේ සේවය කළ වයෝවෘද්ධ මිනිසකු එම කාමරයේ ‍දොර හිලෙන් එබිකම්කර බැලූ බවත්, කාමරය් පිටත යමෙකු සිටින බවක් දැනී මෙම සැකකරු ‍දොර හැර එම පුද්ගලයාට අතින් පයින් පහරදී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වුණේය. හෝටලයට පැමිණෙන බාල වයස්කාර දැරියන්ගේද අනන්‍යතාව තහවුරු කිරීමට හෝ වයස් මට්ටම අනාවරණය කිරීමට සුදසු කිසිදු නෛතික පියවරක් හෝටලයේ තිබී නොමැති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස පෙනී සිටි අමනයාත් පෙර කී අඹු සැමි යුවළත්, රාත්‍රි නවාතැන් සැපයූ කාන්තාවත්, හෝටල් කළමනාකරුත් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
Loading...

No comments:

Powered by Blogger.