රත්මලානේ ගින්න තවමත් ඇවිළෙයි
Loading...
රත්මලානේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක හටගත් ගින්න පැය පහක් යනතුරුත් නිවාගත නොහැකි වූ බවත් අවට පදිංචි දරුවන් ඇතුළු සංවේදී පුද්ගලයන්ට එම පෙදෙසින් ඉවත්වන ලෙස දෙහිවල නගර සභාව ශබ්ද විකාශන මගින් නිවේදනය කරයි.
ගබඩාවේ වහළ මුළුමනින්ම වාගේ පහත්වී ඇති අතර ගින්න නිවීමට එය බාධාවක් වී ඇති බවද ගුවන් හමුදා කඳවුරට ද දුම විහිදෙන බවද කියති.
කොළඹ, දෙහිවල, මොරටුව හා පානදුරේ සිට ගිනි නිවන රථ 11ක් ගින්න නිවීමට කැඳවා ඇත.
Loading...
No comments: