Lanka Net Gossip

විවාහ මංගලෝත්සවය නිමා වී මනාලිය කැන්දාගෙන පැමිණෙමින් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මංගල රිය තුළදීම මනාලයා මියයෑම පිළිබඳ අනුවේදනීය කතාව

Loading...

 මනාලයා මනාලිය අසලම මෙලොව හැර යයි


විවාහ මංගලෝත්සවය නිමා වී මනාලිය කැන්දාගෙන පැමිණෙමින් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මංගල රිය තුළදීම මනාලයා මියයෑම පිළිබඳ අනුවේදනීය සිද්ධියක් ඉබ්බාගමුව, මුරුතව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මනාලියගේ ගම් ප්‍රදේශය වන මාතර, හක්මන, පනන්විල අවන්හලක පසුගිය 6 වැනි දින විවාහ මංගලෝත්සවය පවත්වා ඇති අතර උත්සවයේ කටයුතු අවසන්ව මනාලයාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදී එදින රාත්‍රි 8.30ට පමණ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මනාලයා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉබ්බාගමුව, මුරුතව පදිංචිව සිටි 25 හැවිරිදි පී. ඒ. ඉසුරු සම්පත් රණතුංග නම් තරුණයෙකි. ඉසුරු සම්පත් පවුලේ එකම දරුවා වන අතර ඔහු කුරුණෑගල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. තමාට ටිකක් මහන්සි බව පවසා මනාලියගේ උරහිසට හිස තබාගෙන ටික දුරක් ගමන් කර ඇති ඔහු අසනීපයෙන් පසුවන බව වටහා ගත් මනාලිය ඒ බව මෝටර් රථයේ රියැදුරුට හා අනෙක් තැනැත්තාට දන්වා මනාලයාව වහාම අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුදු ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව මනාලයාව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
දින දෙකක් පුරා අධික ලෙස වෙහෙස වීම හා එම කාලය පුරාම අවශ්‍ය තරම් ආහාර නොගැනීම නිසා ඇතිවූ අධික තෙහෙට්ටුව හේතුවෙන් හටගත් හදිසි හෘදයාබාධයක් මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍යවරයා පැවැසූ බව මියගිය ඉසුරු සම්පත්ගේ පියා වන පී. ඒ. රණතුංග මහතා පවසයි. එසේම ඔහුගේ ශරීර කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂවරයා වෙත යවා ඇති බවද පියා ප්‍රකාශ කරයි.
මීට වසර දෙක හමාරකට පමණ පෙර කතරගම ප්‍රදේශයේ සංචාරයක නිතර වෙමින් සිටියදී ඉසුරු සම්පත් හට ඔහුගේ මනාලිය වූ දිනේෂා සඳමාලි හමුවී ඇති අතර ඉන්පසුව දෙදෙනා පෙම්වතුන් බවට පත්වී ඇත. කෙසේ වෙතත් ප්‍රදේශ දෙක අතර පවතින විශාල දුර ප්‍රමාණය නිසා මුලදී දෙපාර්ශ්වයෙන්ම ඊට අකැමැත්ත පළ වුවද දෙදෙනා අතර පැවැති දැඩි බැඳීම හේතුවෙන් පසුව දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඔවුනට හිමිවී ඇත.
මංගල උත්සවය අවසන් වී එදිනම ඔවුන් නවාතැන් ගැනීමට සැලැසුම් කළ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණීමට සැලැසුම් කර තිබූ අතර පසුගිය 8 වැනි දින මනාලයාගේ පාර්ශ්වයේ මංගල උත්සවය පැවැත්වීමට සැලැසුම් කර තිබිණි.
ප්‍රදේශයේ කා අතරත් ඉතා ජනප්‍රිය තරුණයකු වූ ඉසුරු සම්පත් 2015 වසරේ යොවුන් පාර්ලිමේන්තුවේ සභිකයකු ලෙසද තේරී පත්වූ අතර ඔහු සේවය කළ ආයතනයේ දක්‍ෂතම සේවකයා ලෙස සම්මාන ලබමින් දෙවරක් විදේශ සංචාරද හිමි කරගෙන ඇත.
Loading...

No comments:

Powered by Blogger.