තව යාළුවෙක් එක්ක පෙම්වතිය කැළේකට එක්ක ගිය නරුම පෙම්වතාට වැඩ වරදී විවාහ වන ලෙස බලකරමින් පෙම්වතිය පැහැරගෙන
Loading...
විවාහ වන ලෙස බලකරමින් පෙම්වතිය පැහැරගෙන ගොස් කැලයක රඳවාගෙන සිටි පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරෙකු මිහින්තලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රඹෑව - දොලහ ඇල - ගිනිකටුවැව කොලණියේ පදිංචි 17 හැවිරිදි මෙම තරුණිය 18 හැවිරිදි අදාළ පෙම්වතා, මිතුරා සමඟ පැහැරගෙන ගොස් ඇත්තේ ඇය ප්‍රේම සම්බන්ධය නතර කිරීමට ගත් තීරණයක් හේතුවෙන්.
සැකකාර පෙම්වතා, මිතුරා සමඟ මුහුණු ආවරණය කරගනිමින් ඊයේ අලුයම පෙම්වතියගේ නිවසට පැමිණ, තරුණියගේ මවගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර, ඇයට පහරදී බලහත්කාරයෙන් තරුණිය පැහැරගෙන ගොස් තිබුණා.
එහෙත් ඇයගේ මව ඔහු සමඟ පොර බදා ඇති අතර, එහිදී මුහුණු ආවරණය ඉරී ගොස් තරුණයා කවුරුන්දැයි මව හඳුනාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පසුව මව මිහින්තලේ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කළා.
අනතුරුව සිදුකළ සෝදිසියකදී තරුණියගේ නිවසේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි කැලෑවක ඇය රඳවාගෙන විවාහ වන ලෙස බලකරමින් සිටි තරුණයා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
සැකකරුවන් අල්ලා ගැනීමට යද්දී තරුණියව කැලයේ ගසක් යට ඉන්දවාගෙන සිටි බවත් තරුණියගේ ජංගම දුරකතනයද ඔවුන් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසුවේය.
සැකකාර පෙම්වතා පෙම්වතියද මරාදමන බව පවසමින් පිහියක් බෙල්ලට තබා බියගන්වා කැලෑවට ගෙන යද්දී පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව තිබූ බවත් සැකකරු ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යෑම නිසා උදරය, අත්පාවලට බරපතළ තුවාල සිදුව තිබූ නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සඳහන් කෙළේය.
සැකකරු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නැති බව පොලිසිය තරුණියගේ ප්‍රකාශවලින් අනාවරණය කරගෙන තිබිණි.
Loading...

No comments: