Lanka Net Gossip

ආදරේ අහිමි පෙම්වතෙක් කරගත්ත තවත් ලොකු ගොන් කමක් නැවත නැවත මෙවගේ වැරදි නොවෙන්න මේවා පාඩමක් කරගන්න හැදු වැඩු දෙමපියන් ඔබ වෙනුවෙන් හැමදාම ඉන්න බව අමතක නොකරන්න

Loading...

පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවෙසට කඩාවැදී ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන ගොස් මිහින්තලය දිවියාබැන්දවැව ප්‍රදේශයේ කැලෑවක සඟවාගෙන සිටි පෙම්වතකු හා ඔහුගේ මිතුරා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (10දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. Love
මිහින්තලය ගිනිකටුවැව රඹෑව පදිංචි යාපනය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන සෙබළකුගේ 36 හැවිරිදි බිරියක් විසින් පෙරේදා (10දා) අලුයම තරුණයන් සිවුදෙනකු පැමිණ තම දියණිය පැහැරගෙන ගිය බවට කල්ලංචිය පොලිස් මුරපොළට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර පෙම්වතා පැහැර ගැනීමට ලක්වුණු 17 හැවිරිදි තරුණිය සමඟ මාස පහකට ආසන්න කාලයක් පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇයගේ මවුපියන් ඊට විරෝධය පළ කිරීම නිසා සති කිහිපයකට ඉහතදී තරුණිය විසින් ප්‍රේම සම්බන්ධතාව නවතා ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ වීමට යෝජනා කළත් ඇය මවුපියන්ගේ කැමැත්තට පිටුපෑමට නොහැකි බව තරුණයාට පැවැසීම හේතුවෙන් පෙරේදා (10දා) අලුයම 1.30ට පමණ මුහුණු ආවරණය කරගෙන ඇයගේ නිවෙසේ ඉදිරිපස ‍ෙදාර කඩා ඇතුළු වූ සැකකරුවන් දෙදෙනා පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.
සැකකාර පෙම්වතා පෙම්වතියද මරාදමන බව පවසමින් පිහියක් බෙල්ලට තබා බියගන්වා කැලෑවට ගෙන යද්දී පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව තිබූ බවත් සැකකරු ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යෑම නිසා උදරය, අත්පාවලට බරපතළ තුවාල සිදුව තිබූ නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සඳහන් කෙළේය. සැකකරු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නැති බව පොලිසිය තරුණියගේ ප්‍රකාශවලින් අනාවරණය කරගෙන තිබිණි.
සැකකරුවන් අල්ලා ගැනීමට යද්දී තරුණියව කැලයේ ගසක් යට ඉන්දවාගෙන සිටි බවත් තරුණියගේ ජංගම දුරකතනයද ඔවුන් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසුවේය.
සැකකරුවන් ඊයේ (11දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීම මත සැරයන් වික්‍රමරත්න (27984), පොලිස් කොස්තාපල් නාමල් (47843) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
Loading...

No comments:

Powered by Blogger.