Lanka Net Gossip

කිසිදු නීතිඥයකුගේ සහායක් ලබා නොගෙන ඔහුම අධිකරණයට කරුණු දක්වා චෝදනාවෙන් නිදොස් වී රථවාහන අංශයට පාඩම් කියාදුන් දුන් මුස්ලිම් ගුරුවරයා

Loading...

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව කුඩා ප්‍රමාණයේ ලොරියක පිටුපස කූඩුවක් සවි කර එම රථය ධාවනය කළ බවට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි උපකාරක පන්ති ගුරුවරයකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස පුත්තලම මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.

මෙසේ නිදොස්කොට නිදහස් කර හැරියේ නිකවැරටිය හීලෝගම නම්මුවැව ලිපිනයේ එම්.බී. අහමඩ් ෆාරුක් නමැති සිංහලයෙන් දෙමළ උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙකි.
මෙම ගුරුවරයා තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පැවැති නඩුවට කිසිදු නීතිඥයකුගේ සහායක් ලබා නොගෙන ඔහු වෙනුවෙන් ඔහුම අධිකරණයට කරුණු දක්වා චෝදනාවෙන් නිදොස් වී නිදහස් වීම
විශේෂත්වයකි.
පුත්තලම මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සිය තීන්දුව දෙමින් සඳහන් කෙළේ මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ලොරියක පිටුපස කූඩුවක් සවි කරගෙන එම ලොරි රථය ධාවනය කළ බවට සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි.
ඒ අනුව සැකකරු නි‍ෙදාස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කරන බවද මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුවේ සඳහන්ය.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සාලියවැව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් වන ආර්.එම්.කේ. රණසිංහ (38505) සහ බී.ඩබ්. නිශාන්ත රංජිත් ප්‍රනාන්දු (48134) යන මහත්වරුන් නඩු විභාගයේදී ඇසූ ප්‍රශ්නවලට සැකකාර ගුරුවරයා නීතිඥයකුගේ සහාය නොමැතිව තර්කානුකූලව අධිකරණයේදී පිළිතුරු දීමත්, පැමිණිලිකාර පොලිස් නිලධාරීන්ගෙන් මෙම සැකකාර ගුරුවරයාම තර්කානුකූලව ප්‍රශ්න සහ හරස් ප්‍රශ්න ඇසීමත් අධිකරණ තුළ විශේෂයෙන් කැපී පෙනුණි.

මේ අතර ජංගම දුරකතනයක් භාවිත කරමින් ලොරි රථයක් පැදවූ බවට පල්ලම පොලිසිය මඟින්ද මීට පෙර මෙම සැකකාර ගුරුවරයාටම එරෙහිව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේම 67976 දරන අංකය යටතේ පවරා තිබූ නඩුවකින්ද කිසිදු නීතිඥ සහායක් ලබා නොගෙන මෙම සැකකරුම තමා වෙනුවෙන් පෙනී සිට කරුණු දක්වමින් එම නඩුවෙන්ද 2013.10.03 වැනි දින නි‍ෙදාස් කොට නිදහස් වී ඇත.
Loading...

No comments:

Powered by Blogger.