ඊශ්‍රායල හිටපු ජනපතිට සමුදෙන්න ලෝක නායකයෝ ජෙරුසලමට
Loading...
අභාවප්‍රාප්ත වුණු ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයකු මෙන්ම ජනපතිවරයකු ද වන ෂිමොන් පෙරේස්ගේ අවමංගල්‍යයට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්සුවා ඕලන්ද්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඕස්ටේ්‍රලියා අගමැති මැල්කම් ටර්බුල් ආදී ලෝක නායකයන් පමණක් නොව, ජගත් මහ ලේකම් බැන් කී මූන් සහ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ද සහභාගී වූහ.
අවමංගල කටයුතු පැවැතියේ ජෙරුසිලමේදීය. ඇමෙරිකානු හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ද මෙම අවස්ථාවට සභාගී වූහ. මොහොමද් අබ්බාස් අවමංගල උත්සවයට සහභාගී වූ නිසා ඔහුට හමාස් සංවිධානයෙන් දෝෂාරෝපණය ද එල්ල වී ඇත.
අභාවප්‍රාප්ත වුණු 93 හැවිරිදි ෂිමොන් පෙරේස් ලොව ප්‍රකට දේශපාලනඥයකු වූයේ ‘ඊශ්‍රායලයේ නිර්මාතෘ’ යනුවෙනි.

අවමංගල අවස්ථාවට සහභාගී වෙමින්, ෂිමොන් පෙරේස් ගැන ගුණ කථනයක් කළ ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමා කියා සිටියේ ෂිමොන් පෙරේස් ආරම්භ කළ ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළ තවමත් සාර්ථක වී නැති බවත්, එය ස්ථිරසාර සාම වැඩපිළිවෙළක් බවට පත් කර ගැනීමට කටයුතු කළ යුතු බවත්ය.

No comments: