Lanka Net Gossip

රෝසිට රතු පලස මත අතවරයක්? බලන්නකො මේයාට මොකද වෙලා තියෙන්නෙ කියලා

Loading...


ජගත් සිනමා උලෙළක රතු පලසක් මතදී සුරූපි නිළියක් අතවරයකට ලක්වූවායැයි පැවසුවොත් ඒ පුවත විශ්වාස කරන්නට අපහසුයි. විශාල පිරිසක් රතු පලසක් දෙපස බලා සිටිද්දී ඒ මතින් ලොව සුපිරිතම නළු නිළියන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගමන් කරද්දී එවැන්නක් සිදුවන්නට පුළුවන් ද? rose mcgowan
සුරූපී නිළි රෝස් මැක්ගෝවන් පසුගියදා පැවැත්වුණු ජගත් සිනමා උලෙළක රතු පලස මතින් ගමන් කරද්දී එක්තරා අතවරයකට ලක්වුණාලු.
ඇය පවසන්නේ තමන් රතු පලසෙහි ගමන් කරද්දී එක්තරා ඡායාරූප ශිල්පියකු ඔහුගේ කැමරාව තම සිරුර එල්ල කරගෙන අනවශ්‍ය ලෙස ඡායාරූප ගත් බවයි. “එයා මගේ සිරුර අනවශ්‍ය විදිහට මතු කරන්නයි දැඟලුවේ. මට ඒ වෙලාවෙ අපහසුවක් දැනුණා. ඒ ක්‍රියාව හරියට, දෘශ්‍යමය දූෂණයක් හැටියට මට දැනුණෙ. මීට කලිනුත් රතු පලසක ගමන් කරද්දී මට මේ හැඟීම දැනුණා.” රෝස් මැක්ගෝවන් එලෙස ට්විටර් පිටුවෙහි සටහන් කළා
Loading...

No comments:

Powered by Blogger.