තරඟය අතරතුර ගැටුමක් ඇති කරගත් බංගලාදේශ නායකයාට දඩ
Loading...
සංචාරක එංගලන්තය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අතරතුරදී අවනීත අන්දමින් හැසිරීම නිසා බංගලාදේශ කණ්ඩායමේ නායක මෂ්රාෆි මොර්ටාසා සහ සබීර් රෙහිමන් හට තරග මුදලින් 20%ක දඩයක් පැනවීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
පසුගියදා පැවති මෙම තරගයේදී එංගලන්ත නායක ජෝස් බට්ලර්ගේ දැවී යාම අනතුරුව බංගලාදේශ ක්රීඩකයින් දැක්වූ ප්රතිචාර මත යම් ගැටුම්කාරී වාතාවරණයක් පිටිය තුල නිර්මාණය වූ අතර මිට අදාල ක්රීඩකයින්ට දඩ මුදල පැනවීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වුවත් එංගලන්ත නායකයාට දැඩි අවවාද කිරීමට තරග තීරකවරයා පියවර ගෙන තිබුනත් ඔහුට දඩ මුදලක් නියම නොකිරීම සම්බන්ධයෙන් ක්රීඩා විචාරකයින් මවිතය පල කරනවා.
ඊට හේතුව වන්නේ එංගලන්ත නායකයාද ගැටුමකට මුල පුරමින් වචන හුවමාරුවක නිරත වීමයි.
Loading...
No comments: