මහේල ඩිල්ෂාන් ගැටුමේ නවතම තත්වය මෙන්න මහේල කියන අමුතු කතාව මෙන්න බලන්නකො
Loading...
හිටපු ක්‍රිකට් නායකයා ඒ බව කියා සිටියේ ෆේස්බුක් සජීවී වැඩසටහනේදී ක්‍රීඩා ලේලියෙකු යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමිනි.
“ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි. ඇතැම් විවේචන දකින විට මට හිතුණා ඒවා ටිකක් පුද්ගලික විවේචන කියලා. එවැනි විවේචන සිදු කිරීම අසාධාරණයි.”
“ඒ විවේචන කොහෙන්ද එන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ ආගම. ඔහු ආවේ කොහොමද?, ඒවා ගැන ආපු විවේචන. මම ලංකාව වෙනුවෙන් අවුරුදු පහළොවකට වඩා ක්‍රීඩා කළා. ක්‍රීඩකයා කෙහෙන්ද එන්නේ මොන ආගමේද, ජාතියේද කියලා අපට ප්‍රශ්නයක් වුනේ නැහැ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ,”
සාධාරණ විවේචනයක් එල්ල කිරීම පිළිබඳ තමාගේ විරුද්ධත්වයක් නොමැති බව කියා හිටපු නායක මහේල ජයවර්ධන පදනම් විරහිතව විවේචන සිදු කිරීම පිළිබඳව එකඟ විය නොහැකි බවයි සඳහන් කළේ.
‘අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ’
ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ සෑහීමකට පත් විය හැකි දැයි ක්‍රීඩාලෝලියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ක්‍රිකට් නායකයා පැවසුවේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තේරීම් කමිටු සාමාජිකයන් මිලියනයක් පමණ බිහි වී ඇති බවයි.
“ඒ හැමෝම සනසන්න ගියොත් මම හිතන්නේ නැහැ ලංකාවේ ක්‍රිකට්වලට හරි දෙයක් වෙයි කියලා. මොකද හැමෝටම තමා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා,”
තේරීම් කමිටුව යම් කිසි සැලැස්මක් ඇතිව කටයුතු කරනු ඇති බව කියා සිටි හිටපු නායක මහේල ජයවර්ධන ඇතැම් විට අතපසුවීම් සිදු වුවත් ඒවා සිතාමතා සිදු කරන ඒවා නොවන බවත් සඳහන් කළේය.
“අත්හදා බැලීම් තුලින් තමයි අපි වැරදි හදා ගන්න ඕනේ. නොනවත්වා එකම වැරැද්ද සිදු කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒ සඳහා යම් කිසි කාලපරිච්ඡේදයක් දිය යුතුයි, විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට,”
‘මහේලගේ ක්‍රිකට් සැලැස්ම’
“හැමෝටම ලේසියි ගෙදර පුටුවේ වාඩි වෙලා අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බ කියල කියන්න. මේ සෑම දෙයක්ම බුද්ධිමත්ව බලල තීරණ ගන්න ඕනේ. ”
පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් නොමැති බව සඳහන් කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් කෙටි කාලීනව තම උපදෙස් බලාපොරොත්තු වන්නේ නම් ඊට දායකත්වය ලබා දීමට සුදානම් බවයි කියා සිටියේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ගමන් මග පිළිබඳ තමන් ඉදිරිපත් කළ සැලසුමට සිදු වූයේ කුමක් දැයි නොදන්නා බවත් හිටපු ක්‍රිකට් නායකයා එහිදී පැවසීය.
සිදත් වෙත්තමුණිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ, ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙස සිටියදී අතුරු කමිටුව විසින් සිදු කළ ඉල්ලීමක් ප්‍රකාර සැලසුමක් ඉදිරිපත් කළ නමුත් ඉන් අනතුරුව නිලවරණයෙන් තේරී පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලය එය ක්‍රියාවට නැගීම අත්හැර දමා ඇති බවත් ඔහු පිළිගනියි.
කෙසේ නමුත් තමන්ට එය ගැටලුවක් නොවන බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
Loading...
No comments: