Lanka Net Gossip

ඉතාලියට ප්‍රබල භූ කම්පනයක්

Loading...

මධ්‍යම ඉතාලියට බලපෑ භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6ක් හෝ 6.5ක් විය හැකි බව යුරෝපීය මධ්‍යධරණී භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයක් බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර පවසා තිබුණි.
එම කලාපයේම ප්‍රබල භූ කම්පන දෙකකින් ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්කර දින කිහිපයකට පසුව මෙම භූ කම්පනය සිදුව තිබේ.
මෙම නවතම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවූවත්, ඉතාලියේ රෝම අගනගරයේ ජනතාවට පවා මෙම භූ කම්පනය දැනී ඇති බවත්, රෝම නගරයේ ගොඩනැගිලි පවා ඉන් සෙලවී ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
Loading...

No comments:

Powered by Blogger.