Lanka Net Gossip

නොමිලේ අක්ෂි කාච ගන්න තවත් මාස දෙකක් ඉන්න

Loading...

නොමිලේ අක්ෂි කාච ගන්න තවත් මාස දෙකක් ඉන්න

ඇසේ සුඳ ඉවත් කරන රෝගීන්ට නොමි‍ලේ අක්ෂි කාච නිකුත් කිරීම ඉදිරි මාස දෙක තුලදී සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
මෙසේ අක්ෂි කාච නොමි‍ලේ නිකුත් කළ පසු කාච පිටතින් මිලදී ගැනීම සඳහා රෝගීන්ට තුණ්ඩු නිකුත් කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වනු ඇතැයි හෙතෙම අවධාරනය කරයි.
එසේම විෂන් 2020 වැඩ සටහන යටතේ ඇසේ සුඳ ඉවත් කිරීමේ සැත්කම් ලබන වසරේ සිට  ලක්ෂය දක්වා වැඩි කිරීමටත් ඒ සඳහා අවශ්‍ය කාච නොමි‍ලේ ලබා දීමටත් කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අක්ෂි රෝහ‍ලේ පැවති උත්සවයකදී සඳහන් කළේය.
මේ වන තෙක් වාර්ෂිකව සුඳ ඉවත් කිරීමේ සැත්කම් 89000ක් දක්වා සිදු කලද අක්ෂි කාච නොමි‍ලේ ලබා දීමට හැකි වූයේ 15000ක් පමණක් බවද හෙතෙම පැවසීය.
සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත් වීම මත ඇසේ සුඳ ඉවත් කරන රෝගීන්ට නොමි‍ලේ අක්ෂි කාච ලබා දීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව කරගෙන යාමට කටයුතු කරන බවද හෙතෙම අවදාරනය කළේය.
ශ්‍රියානි විජේසිංහ
Loading...

No comments:

Powered by Blogger.