පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය
Loading...
පොලොන්නරුවේ නියඟය දැඩි වෙයි ජනජීවිතයට දැඩි බාධා සිසුන් 29 688 කට බලපෑම් එල්ල වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය
එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හයකට නියගයේ බලපෑම එල්ලවී තිබුනත් මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේක කොට්ටාශවලට එය බලපා ඇති බවයි. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ට ද බලපෑම් එල්ලවී තිබෙන බවත් එහි පවුල් 12ක පුද්ගලයින් 36කට බලපෑම් එල්ල වී ඇති බවයි. වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ වෑකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට වන බවත් එය පවුල් 7897ක පුද්ගලයින් 26 233ක් පීඩාවට පත්ව සිටිති. පානීය ජල අර්බුදයට විසදුම් ලබා දීම සදහා ජල බවුසර් 45ක් මගින් දිනකට පානීය ජලය ලීටර් 917 000ක් බෙදා හරින බවත් සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා වැඩි දුරටත් කීය.
ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව
Loading...
No comments: