කන්න, නාන්න දෙන්නේ නැහැ කොණ්ඩෙ කපලා, නිරුවත් පින්තූර අරන් කුවේට් ගිය මගේ බිරිඳ බේරාදෙන්න ඔබත් බලලා පුලුවන් උදවුව්ක් කරන්න ජිවිතයක් බේරාගන්න
Loading...
මීට මාස අටකට පමණ පෙර ශ්රී ලංකාවෙන් කුවේට් දේශය බලා හොරණ ලියාපදිංචි
ඒජන්සියකින් ගෘහසේවිකා රැකියාවකට පිටත්ව ගිය හලාවත ඉරණවිල දියවර ගම්මානයේ
පදිංචි තිදරු මවක් වන තෙරෙස් ප්රියංගනී පෙරේරා වන ඇයට නිවෙස්
හිමියන්ගෙන් සිදුවෙන තාඩන පීඩන කුරිරු වධ හිංසා හේතුවෙන් කරදර රැසකට
මුහුණදීමට සිදුව ඇති බව ඇයගේ සැමියා කියයි. ඔහු පවසන අන්දමට ඇයට පසුගිය මාස
අටකට ආසන්න කාලයක් පුරාවට එම නිවසේ සේවය කළ නමුත් වේතනය ලැබී ඇත්තේ මාස
හතරක බවත් එම මුදලද පොරොන්දුවූ මුදලට වඩා දහදාහකට පමණ අඩුමුදලක් බවත් ඔහු
පවසයි.
එම ගෘහ සේවිකාවගේ ස්වාමිපුරුෂයා වන ඩබ්ලිව්. පීටර් අප්පුහාමි මහතා
පසුගිය 2016 පෙබරවාරි මාසේ දහහතර වෙනිදා තමයි හොරණ එලයන් පොරින් එමිලිමන්ච්
නැමැති ඒජන්සියෙන් මගේ බිරිඳ කුවෙට් රටට ගියේ. ඒකට හේතුව මගේ අසනීප
තත්ත්වය නිසා හරිහමන් රැකියාවක් නැති කමයි. දරුවන්ගේ අනාගතය ගැන හිතල මමත්
කීවා කමක් නැහැ කියලා. නමුත් එයා රට ගිහින් මාසයයි දවස් දහයකින් කිසිම
ආරංචියක් ඒ ඒජන්සියෙන් අපට ලබාදුන්නේ නැහැ.
මාස එකහමාරක් පමණ ගියපසු මගේ බිරිඳ කථා කරලා දවසක් කීවා එයාට හරිම
කරදරයි. නිතරම බනිනවා, ගහනවා බොරුවට රණ්ඩුකරන්න එනවා. මට කන්න නාන්නවත්
දෙන්නේ නැහැ කියලා. සබන් කෑල්ලටත් පඩියෙන් කපනවා කීවා. එදා කතාකරලා තිබ්බා.
කථාව රෙකෝඩ්කරලා ගෙදර හාම්පුතා සිංහල දන්න අයකුට කියල පරිවර්තනය කරගෙන
මෙයාට හොඳටම ගහලා.
ඒ දවස ඉඳලම මාසෙකට සැරයයි කතා කරන්න දෙන්නේ. තවත් එකකින් රොකෝඩ් කරන
ගමන්ලු. ඉතිං අපේ බිරිඳ හරි බයයි. මාව ඉක්මනට ගෙන්වාගන්න කියන එක තමයි
නිතරම කියන්නේ. වයස 10 ට අඩු ළමයි 4 දෙනෙකුගේ රෙදිපිළි හෝදල ඔක්කෝටම උයල
වලං හෝදලා රෙදි මැදල දවස් ගානේ දූවිලි පිහින්නත් ඕනාලු. ගෙදර දරුවන් එක්ක
සතුටින් හිටියා එයා අද හිර ගෙදරක දාසියක් වගේ වැඩකරනවලු. පොඩි වැරදීමක්
සිදුවුණොත් කොස්ස, පයිප්ප බට වලින් පහර දෙනවාලු. උදේට කන්නේ හොරෙන්ලු.
දැක්ක ගමන් එදා දවල්ට කන්න දෙන්නේ නැතිලු. මේවා අපි එයාගෙන් අහගන්නවා
මිසක් එයා කියන්නේ නැහැ. අපිත් මෙහෙ ඒජන්සියට කීපවාරයක් ගිහින් කීවා. ඒ
ගෙදරින් අපට බනිනවා ගිවිසුමේ අත්සන් කරල තිබුණු හැටියට අවුරුදු දෙකක් යනකං
ඔහොම ඉන්නවෙයි කියල අපව බය කරනවා.
දුප්පත්කමට බිරිඳව රට ඇරියේ. කියන ගාණක් ගෙවන්න කැමතිනම් තවමාස දෙකකින්
පමණ සලකා බලන්නම් කියනවා. විදේශ සේවා එකටත් මම පැමිණිලි කළා. පසුගිය දවසක.
එයාගේ කොණ්ඩේ කොටටම කැපුවාලු. පසුව නිරුවත් කරවලා හැම අතටම හරවා හරවා
ඡායාරූප ගතකෙරුවාලු. මම ඒක එම්බසියටත් කීවා. කුවේට් ඒජන්සියෙන් කතාකරල
බලන්නම් කියලා ෆෝන් එක කට්කළා.
මගේ ගෙදර දරුවන්ගේ තත්ත්වයත් හරිම අසරණ වෙලා මේවා අහලම. වගකිවයුතු
නිලධාරියකු ඇත්නම් කරුණාකරල අපට උදව්කරන්න. මෙයාට ලංකාවට එන්න ක්රමවේදයක්
සලස්වලා දෙන්න කියල මං කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ගෙවෙන සෑම තත්පරයක්
පාසාම මගේ බිරිඳ නොයෙකුත් වද හිංසාවලට ලක්වෙනවා. එයා ළඟදී දවසක මේකරදර
වලින් බේරෙන්න වසවගයක් බීලා පසුව ගෙදර හාම්පුතා බැණ බැණ බේත් පෙත්තක්
දීලා නැවත වැඩ කරන්න කීවාලු.
කුවේට් රටේ සිහිලියා නගරයේ ගෙදරක කුවායිට් නවාෂ්මිහායිදි අමීර් අසික්කානි නැමැති පුද්ගලයාගේ නිවසේ ඇය දැනට සේවය කරමින් සිටී.
Loading...

No comments: