Lanka Net Gossip

මිතුරු ඇසුරක් පැතූ තරුණිය සමඟ පෙම්සුව විඳින්න ගිය වියපත් අනංගයා අඩනිරුවතින්ම ගිය ගමන

Loading...

මිනිසුන්ගේ ජීවිතවලට ආදරය යන්න ඉතාමත් අවශ්‍ය දෙයක් වන අතර ඒ නිසාම විවිධ ප්‍රශ්න ඇති වි ඇති බව අප නොදන්නා අය නොවේ.
මේ කියන්න හදන්නේ වයසක පෙම්වතුන් ඇසුරු කරමින් අවන්කවම ආදරය කිරිමක් නොවන අතර ආදර ව්‍යාපාරයක් පිළිබඳවයි.
මේ සිදුවීම සිදුවන්නේ අනුරාධපුරය ප්‍රදේශයෙන්ය.
මේ දිනවල අනුරාධපුරය වැනි ප්‍රදේශ ගිනි කාෂ්ටකේ අව්වේ කර වෙන අතර මුදු සුමුදු ගැටිස්සියක් මෙහි සිටිනවා කිව්වොත් එය අමුත්තක් වෙනු ඇත.
නමුත් එය අමුත්තක් නොවන අතර ඇය සුරංගි (මන:කල්පිත නමකි) ලෙස හඳුන්වමු.
මේ අමුතු අාදර බිස්නස් එක ගැන සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුනේ මේ ආකාරයටයි.
ඉතින් ඇය මේ ගිනියම් වූ අව් රශ්මියට හසු නොවූ ගානට මෙන් මන බැඳ  ගන්නා සුළු තරුණියක් විය.
ඉතින් මේ තරුණියග් අත ගන්නේ කුමාර (මන:කල්පිතය)නම් තරුණයෙකුය.
සිත් ඇද ගන්නා රූ සපුවක් ඇති සුරංගිගේ අත ගැනීමට හමුවන්නේ මුදල් සෙවීමට ඕනෑම දහ ජරා වැඩක් කරන සුපිරි මට්ටමින් තෙම්පරාදු වුණු තරුණයෙකි.
රූපයෙන් මුල් තැන ගත් සුරංගිගේත් ආශාව වුයේ කෙසේ හෝ මුදල් සොයාගැනීමයි.
ඉතින් මේ දෙන්න තකට තක ගැලපීමක් විය.
මේ දෙදෙනා මුදල් සොයා  ගැනීමට සැලැස්මක් සකස්කර ක්‍රියාත්මක කළේ මෙලෙසයි.
සුරංගි තනිකඩව දිවි ගෙවන අතර මේ පාළුව මකා ගැනීම සඳහා මිතුරු ඇසුරකට ආරාධනා කරමින් පුවත්පතක දැන්වීමක් පල කරනු ලබයි.
තරුණියක් තනිකඩව ඉන්නවා නම් එවැනි තරුණියකගේ පාළු මකන්න තරුණයන්ට ඕන තරම් වෙලාව කැප කරන්න කැමති අය ඕන තරම් සිටියි.
ඒ නිසා දැන්වීම පලකර සතියක් ගත වන්නටත් මත්තෙන් දුරකථන ඇමතුම් රැසක් සුරංගිගේ දුරකථනයට ගලා එන්නට විය.
මේ නිසා සුකුමාල කටහඬකින් ඒ ඇමතුම් වලට පිළිතුරු දුන්නාය. ඒ කට හඬට උමතුවූවන් දිගට හරහට ඇයට දුර කථන ඇමතුම් ලබා දෙන්නට විය.ඉතින් සුරරංගිට කථාකරන සියලු ගැටවරයන්ට ඇය අනුරාධපුරයට පැමිණෙන ලෙස ආරාධනා කරයි.
මේ උගුලට හසු වන්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඔහු 51 හැවිරිදි පුද්ගලයෙකි.සුරංගි මේ පුද්ගලයාට වඩා හරි අඩකට වඩා වයසින් බාලය. කාලය ගතවීමත් සමඟ මේ දෙදෙනා ආදර බස් තෙපලන්නට පටන් ගත්තේය.
සුරංගි මට ඔයාව දකින්න ඕන. ඔයාව හොයාගන මම එනවා. එලෙස කථාකළ දවසක මේ වියපත් මල් කුමාරයා පවසා ඇත. සුරංගිත් ඒ වදනට දෙවැනි වුයේ නැත.
ඔයාව දකින්න මමත් ආසාවෙන් ඉන්නේ. හැමදාම කථා කරනවා විතරයි. එන්නේ නෑනේ ඔයා. බොරුමයි කියනේ ඔයා. එනවා නම් මෙලහකටත් ඇවිල්ලා. මේ නෝක්කාඩුවට කිව්වා ආදර වදන් පෙළකි.
නෑ සුරංගි මම හෙට උදේ 10 වෙද්දී අනුරාධපුරයට එනවා. ඔයා ඇවිත් ඉන්න.
විශ්‍රාමික නිලධාරියාට එම දවසට පෙර දිනා රාත්‍රී කාර්ය බහුල මෙන්ම වෙනදාට වැඩා කාලය ගලා යන්නේ ඉතාමත් හෙමින් වගේය.
පොරොන්දු වූ පරිදි දෙදෙනා අනුරාධපුරයේදී හමුවිය. දෙදෙනා මිට කලින් ඡායාරුප හුවමාරු කරගෙන සිටි නිසා හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත නොවිය.
හානේ ෆොටෝ වලින් දකිනවාට වඩා ඔයා ගොඩක් ලස්සනයිනේ සැරයන් වරයා සමීපයට යමින් ඇය පැවසුවේය. මේ ආදර වදන්වලට සැරයන්වරයාගේ හදවත හිරි වැටීමට ගත වුයේ වැඩි වෙලාවක් නම් නොවේ.
සුරංගි අපි මොනවහරි බොමුද? වැඩි වෙලාවක් ටවුන් එකේ ඉන්න බැහැ. කව්රුහරි දැක්කොත් අම්මලාට කියයි. කාටවත් පෙන්නේ නැති නිදහස් තැනකට ගිහින් අපි කථාකරමු.
එහෙනම් අපි රෙස්ටුරන්ට් එකකට යමුද? කනට නොහැසෙන ගානට ඔහු සුරංගිට සැරයන්වරයා මිමිනුවේය.
සුරංගිත් පසුබට වුනේ නැත. එහෙම තැනකට ගියාම නිදහසේ අපිට තුරුළු වෙලා ඉන්න පුළුවන්නේ. එත් නිස්කාරනේ සල්ලි වියදම් කරන්නේ මොකටද? අපි අපේ ගෙදර යමු. අද අපේ ගෙදර කවුරුවත් නැහැ. හෝටලයට දෙන සල්ලි මට දෙන්නකෝ.
සුරංගි මෙලස පවසන්නේ සැරයන්වරයාගේ සුරත ලෙන්ගතු කමින් මිරිකමින්ය.
ඉතින් මේ දෙදෙනා තවත් ප්‍රමාද නොවී ඇයගේ නිවසට ගියේය. සුරංගි විසින් ඔහුට තුවායක් දුන්නේ නාගෙන පිරිසිදු වී පැමිණෙන ලෙස පහළ ළිඳක් පෙනවමිනි.
වතුර බාල්දි දෙක තුනක් ඇඟට හලා ගත සැරයන්වරයාට ඉවසුමක් නැතිව ඉක්මනට ආවේය. නිවසට පැමිණි ඔහුගේ දෙලොව රත්විය. ගල් ගැසුණු සැරයන් වරයා මොහොතක් බලා සිට මේ කවුද මේ….. යන්න විමසුවේය.
යකෝ මේ මගේ ගෑණි. උඹ කවුද? සුරංගි සමඟ සිටි පිරිමියා වියරුවෙන් මෙන් ඇසුවේය.
තොට ගෑණියෙක් නැද්ද යකෝ? ලැජ්ජා නැද්ද ගැණුන්ගේ ගෙවල් අස්සේ රිංගන්න. දැන්ම මෙහෙන් පිට වෙනවා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.
සැරයන්ට තර්ජනය කර පහර කිහිපයක්ද එල්ල කළේය. සුරංගිගෙන්ද සැරයන්වරයාට ලැබුණේ මෙවර එතරම් හොඳ වචන නොවේ. සැරයන්ගේ දෙලොව රත් විය.
තුවායක් ඇඳගෙන පැමිණි පුද්ගලයා නිසා නිවසේ සිටි අනෙක් අයද කෑ ගසන්නට විය. සැරයන්වරයා තුවාය පිටින්ම අසල නිවසකට දිව ගියේය. අනතුරුව අසල්වාසින් විසින් එම පුද්ගලයා අල්ලා පොලිසිය භාරදී තිබෙනවා.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසියට සියල්ල අනාවරණ විය. එහිදී සැරයන්වරයා ප්‍රකාශ කර සිටියේ ඔහුට පහර දුන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා බවයි.
ඇයගේ සැමියා විසින් ඔහුට පහර දී එලවා තිබුණේ සැරයන්වරයාගේ මුදල්, රන් භාණ්ඩ ඇතුළු දේවල් කොල්ලකෑමෙන් අනතුරුවයි.
ඒ අනුව මේ අඹුසැමි යුවළගේ රැකියාව වුයේ මිනිසුන් රවටාගෙන ගෙදරට ඇවිත් සබ්බ සකල මනාවම කොල්ලකාගෙන එලවිමයි.
ඔවුන් දෙදෙනා මෙය කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති අතර අඹුසැමි යුවළ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනාවා.
Loading...

No comments:

Powered by Blogger.