Lanka Net Gossip

සිසුන් දෙදෙනා වෙනුවෙන් යාපනයම නිහඬ යුද්ධයක

Loading...


යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනකු පොලිසිය විසින් ඝාතනය කළේ යෑයි කියමින් ඊට විරෝධය පළකිරීම සඳහා උතුරු පළාතේ  ඊයේ (25 වැනිදා) දවස පුරා හර්තාල් ක්‍රියාත්මක කිරීම නිසා සාමාන්‍ය ජනතාවගේ කටයුතු මුළුමනින්ම අඩාල වී තිබිණි.
වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක වූ අතර දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් එය සංවිධානය කර තිබිණි. මේ සඳහා සියලු සිවිල් සංවිධාන, වෙළෙඳ සංගම් ඇතුළු අනෙකුත් සංවිධාන සහාය ලබා දී තිබිණි.
හර්තාල් ක්‍රිsයාත්මක කළ ප්‍රදේශවල සියලු කඩ සාප්පු, රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන වසා දමා තිබූ අතර පොදු ගමනාගමන කටයුතු ද අඩපණව තිබූ බව උතුරේ ආරංචි මාර්ග පැවසීය.
උතුරු පළාතේ සියලුම දෙමළ සහ මුස්‌ලිම් පාසල් වසා දමා තිබූ අතර සිංහල පාසල්වල කටයුතු පමණක්‌ සිදු කෙරිණි.
හර්තාල් ක්‍රියාත්මක කළ කාලසීමාවේ පොලිස්‌ නිලධාරීන් සිය නිල ඇඳුමෙන් රාජකාරි කටයුතුවල නිරත නොවූ අතර සිවිල් පොලිස්‌ නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු රාජකාරිවල නිරත වූහ.
හර්තාල් ව්‍යාපාරයට සහාය නොදී සිය කර්මාන්තශාලා සහ ආයතන විවෘත කරගෙන සිටි ඇතැම් ව්‍යාපාරිකයන්ට සංවිධානාත්මක පිරිස්‌ විසින් දුරකථන මාර්ගයෙන් තර්ජනය කිරීම නිසා ඔවුහු ද ඊයේ පෙරවරුවේ සිය ආයතන වසා දැමීමට කටයුතු කළහ.
හර්තාලයක්‌ පවතින බව නොදැන විවිධ හේතූන් මත උතුරු පළාතට පැමිණි බොහෝ දෙනකු ආපසු සිය නිවෙස්‌ බලා යැමට නොහැකි ලෙස අතරමංව සිටි අතර වෙළෙඳ සල් වසා දමා තිබීම නිසා ඔවුන්ට ආහාරපාන ලබාගැනීම ද ප්‍රශ්නයක්‌ වී තිබිණි.
රජයේ කාර්යාල ක්‍රියාත්මක වුවද ගමනාගමන පහසුකම් අල්පවීම නිසා රජයේ කාර්යාලවලට පැමිණ සිටියේ අඩු කාර්ය මණ්‌ඩලයකි.
මුළු උතුරු පළාතේම හර්තාලයක්‌ ක්‍රියාත්මක වුවද කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ වාර්තා නොවූ බව පොලිසිය පැවසීය
Loading...

No comments:

Powered by Blogger.