Lanka Net Gossip

තමන්ගේ හොඳම මිතුරාගේ වෙන්වීමේ ශෝකය හිතේ දරා ගෙදර එද්දි තමන්ටම මරණ දැන්වීම ගහලා

Loading...




ගාල්ල ධීවර වරායෙන් පහුගිය මාසේ 27 වැනිදා (2016-09-27) දා ඉෂාන් පුතා නම් බහුදින යාත්‍රාවෙන් ධීවරයන් දෙනෙකු රැකියාවට ගියා.
එයාලා ධීවර රැකියාවේ නිරත වෙලා ඉන්න කොට පහුගිය 8 වැනිදා  (2016-10-08) බෝට්ටු දෙකක් එකිනෙක ගැටිලා.
ඒ අනතුරින්  එක් ධීවරයකු තුවාල ලබා එදිනම මියගියා.
මේ අනතුර වුනේ බෝට්ටු දෙකක් එකට එකතුවී මාලූ අල්ලමින් ඉන්න අතරතුරයි.
මේ අනතුර සම්බන්ධයෙන්  ගාල්ල වරායට හා හම්බන්තොට  වරායට හා සියලුම වරායන්වලට රේඩියෝ සංඥා මගින් දන්වා තිබුණා.
දන්වලා තියෙන්නේ ගාල්ල මහමෝදර සියබලාගහවත්ත පදිංචි විවාහක එක්දරැ පියෙක් වන 21 හැවිරිදි ඉෂාන් මංඡුල මියගියා කියලයි.
මරණය ගැන තොරතුරු ලැබීමත් සමගම නිවැසියන් මෟතදේහය ගාල්ල වරායට ගෙන එන තෙක් අවමංගල්‍ය උස්වයට ටෙන් පුටු ගසා මරණ දැන්වීම්ද සකස් කර සුදානම් වෙලා තියෙන්නේ පහුගිය 8 වැනිදා ඉදන්.
මේ මරණය ගැන දැඩිව කම්පනයට පත්වුන සියලුම හිතවතුන්ද නිවසට ඇවිත් හිටියා.
කොහොම වුනත් මෟතදේහය රැගත් බෝට්ටුව සහ අනතුරට ලක්වූ අනිත් බෝට්ටුව ඊයේ (10) රෑ ගාල්ල වරායට පැමිණෙන අවස්ථාවේදී ආපහු ඡංගම දුරකථනයකින් දන්වලා තියෙනවා අපි තව ටිකකින් ගාල්ලට එනවා කියලා.
ඒ වෙලාවේ ඉෂාන්ගේ හිතවතකු විමසලා තියෙනවා ඉෂාන්ගේ දේහයේ තත්ත්වය කොහොමද කියලා.
ඒ වෙලාවේ තමයි බෝට්ටුවේ අය පුදුමවෙලා කියලා තියෙන්නේ “ඉෂාන් මැරැනේ නෑ එයා බෝට්ටුවේ ඉන්නවා වෙන කෙනෙක් මැරැනේ ” කියලා කියපු නිසා.
එතකොට තමයි ගම්මුනට හැම දෙයක්ම තේරිගා තියෙන්නේ.
ඊට පස්සේ වහාම මළගෙදර හිටපු අයට මේ ගැන දන්වලා අවමංගල්‍ය උස්සවය ඉවත්කරලා.
කොහොම හරි මේ අනතුරින් මියගිහිල්ලා තියෙන්නේ මහමෝදර සියබලාගහවත්තේම පදිංචි අවිවාහක 22 හැවිරිදි සඡිත් මදුසංකයි.
මියගිය සජිත්ගේ ගෙවල් තියෙන්නෙත් ඉෂාන්ගේ නිවස අසලමයි.
මේ දෙදෙනාම එකට ධීවර රැකියාවට යන හොදම මිතුරන් දෙදෙනෙක්.
අවසානයේදි ඉෂාන්ගේ ගෙදර සවිකරලා තිබුනු ටෙන් පුටු සඡිත් ගෙදර ගිහින් ගසා තියෙන්නේ ඊට පසුවයි.
කොහොම වුනත් අද (11) අලුයම ඉදලා දෙදෙනාගේම හිතවතුන් ගාල්ල ධීවර වරායට ඇවිත් හිටියේ මේ සිද්ධිය ඇස්දෙකෙන් දැකගැනීමටයි.
ඒ අනුව අද (11) උදේ 7ට විතර බෝට්ටු දෙකම මෟතදේහයත් එක්ක ගාල්ල වරායට ආවා.
සියල්ල වටහා ගත් පුද්ගලයින් නාවික හමුදාවට හා ධීවර බලධාරින්ට චෝදනා කරන්න පටන් ගත්තා.
නොමැරැනු කෙනෙක්ගේ අවමගුලක් ගැනීමට සිදුවීම ගැනත් ගම්මු තමන්ගේ කණගාටුව ගැන ඒ වෙලාවේ පලකළා.
බෝට්ටු වල ඇති රේඩ්යෝ සංඥා අපැහැදිලි වුවද නේවි එකේ එවා පැහැදිලි බවද ඔවුන් නිකන්වත් හොයා නොබැලූ බවද මෟත දේහය ගොඩට ගෙන ඒමට වත් කිසිම මැදිහත් වුනෙ නැති බවද ධීවරයන් එකතුවී දේහය ගොඩ ගනිමින් චෝදනා කළා.
මේ සිදුවීම ගැන ගාල්ල වරාය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතයි.
Loading...

No comments:

Powered by Blogger.