Lanka Net Gossip

මුස්ලිම් විවාහ නීතිය රටට ඔබින නැතිලු..! ළඟදීම වෙනස් වෙන ලකුණු…

Loading...

පසුගිය සතියේ පැවති කැබිනට් අමාත්‍ය හමුවේදී මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කතා බහට ලක්ව තිබෙනවා. ඒ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ යෝජනාවක් කැබිනෙට්ටුවට ඉදිරිපත් කිරතිබීම හේතුවෙනි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙහිදී පෙන්වාදුන්නේ මුස්ලිම් නීතිය යටතේ විවාහ වියයුතු අවම වයස සහ එම නීතිය යටතේ ආවරණය වන ඇතැම් කාරණා ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තීන් වලට එකඟ නොවන බවය.
එක්සත් ජාතීන්ගේ ළමා ප්‍ර‍ඥප්තිය අනුව අවුරුදු 18ට අඩු සෑම අයෙක්ම ළමයකු බැවින් විවාහවීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වියයුතු වනවා. ශ්‍රී ලංකාව මෙම ප්‍ර‍ඥප්තියට එකඟවී ඇති බැවින් අවුරුදු 18ට අඩු අයෙකුට විවාහ වීමට අවසර නැහැ.
නමුත් මෙරටද පිළිගන්නා මුස්ලිම් නීතිය අනුව මෙරට වෙසෙන මුස්ලිම් ජාතිකයින්ට දෙමාපිය හෝ භාරකරුවන්ගේ කැමැත්ත ඇතිව අවුරුදු 12ට වැඩි ළමුන්ට විවාහ වීමේ අවස්ථාව හිමිවනවා. ඒ පමණක් නොව ඊට වඩා අඩු වයසින් වුවද මුස්ලිම් නීතිය අනුව විවාහ විය හැකිය. ඒ කාති උසාවිය ඔස්සේ ලබාගෙන අවසරයක් මතය.
මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එහිදී යෝජනා කෙරුණා.
Loading...

No comments:

Powered by Blogger.