Lanka Net Gossip

හමුදාව, කිතු දහම සහ දරුවන් විකුණමින් FB එකෙන් හැමෝම රවටන Bro රත්නායක… (PHOTOS/VIDEO)

Loading...

Bro Rathnayake නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් වංචනික ලෙස මුදල් ලබාගන්නා සහ කාන්තාවන් රවටන පුද්ගලයකු පිළිබඳව අද (28) බැලුම්ගල වැඩසටහනින් අණාවරණ කෙරුනා.
තම ෆේස්බුක් මිතුරු මිතුරියන් ඉදිරියේ ඔහු පෙනී සිටින්නේ කතොලික පියතුමකු ලෙසිනි. මොහු ඔවුන්ට පවසන්නේ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන අවතැන් කඳවුරක ජීවත්වන දරුවන්ට නිසි ලෙස කෑමක් බීමක්වත් නොලැබෙන බවය. තමා හාලි ඇල ප්‍රදේශයේ පල්ලියක වෙසෙන බවත් සමාජ සත්කාරක කටයුතුවල නියැලෙන බවත් පවතන මොහු, අවතැන් කඳවුරෙහි සිටිනා දරුවන්ට කෑම බීම පරිත්‍යාග කිරීම සඳහා තම ගිණුමට හෝ ජංගම දුරකතන ඔස්සේ තමාට මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිනවා.
මෙම වංචාවට හසුවූවන්ගෙන් ලද තොරතුරු අනුව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම කළ ගවේෂණයකින් අණාවරණ වූයේ මොහු සඳහන් කරන ආකාරයේ අවතැන් කඳවුරක් නැතිබව මෙන්ම මොහු කතොලික පූජකවරයකුද නොවන බවයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පරිගනක අලුත්වැඩියා කරන්නකු වන මෙම තැනැත්තා නමින් ෂේන් ඔදිත රත්නායකය. ඔහු මුදල් වංචා කිරීමට අමතරව තරුණ කාන්තාවන්ට පෙම්වතුන් හෝ සහකාරියන් සොයාදෙන මුවාවෙන්, ඔහුම වෙනත් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් යොදාගෙන කාන්තාවන් රැවටීමද කර ඇතිබව වැඩිදුරටත් අණාවරණය වී තිබෙනවා.
හමුදාව කිතුදහම සහ දරුවන් විකුණමින් වංචාකරමින් ජීවත්වන මෙම තැනැත්තාට ඔබත් හසුවිය හැකි බැවින් මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවන්න… ඔහු පිළිබඳව සැකසූ වීඩියෝවක් සහ ඔහුගේ ඡායාරූපයක් පහතින් නරඹන්න
02
01
Loading...

No comments:

Powered by Blogger.