Lanka Net Gossip

ගණේමුල්ල පොලීසිය කළ කැතවැඩකින් ගමක් සැලෙයි

Loading...

ඊයේ රෑ 7ත් 7.30ත් අතර ගණේමුල්ල බොල්ලට ප්‍රදේශයේ නිවසක මෙහෙකාර තරුණයෙක් කඩේකට ඇවිල්ලා. ‍ඒ ගෙහිමියාගේ දැනුවත් කිරීම මත ගෙදරට පාන් රත්තලයක් ගෙනයන්නට.කඩේ ඉස්සරහ ඔහු ඉන්න කොට ත්‍රිරෝද රථයකින් ආපු තුන්දෙනෙක් එකවරම පහරදීලා ත්‍රිවීල් එකට බලෙන් දාගන්න හදලා.ඒ වෙලාවේ මේ තරුණයා නෝනා කියලා කෑගහලා තියෙනවා.ඒ එක්කම ගමේ අය වටවෙලා මේ නාදුනන පුද්ගලයන් තුන්දෙනා වගේම ත්‍රිරෝද රථයත් තමන් භාරයට ගත්තා.ගම්ම පොලිස් හදිසි ඇමතුම් ඒකකයටත් මේ ගැන දැනුම් දීලා.ටික වේලාවකින් ගණේමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ජීප් රථයකින් එතට ආවා.ඒ වෙලාවේ තමයි අනාවරණය වුනේ ත්‍රිවීල් එකෙන් ආපු තුන්දෙනාත් පොලීසියේ අය කියලා.ඒ අය පොලිස් ස්ථානාධිපතිවරයාට කිව්වේ.මේ තරුණයාගාව හැදුනුම්පතක් තිබුනේ නැති නිසා ත්‍රිවීල් එකේ දාගෙන අරගෙන යන්න හැදුවා කියලා.හැබැයි බොල්ලට ගමේ අය කියන්නේ ඒ තරුණයාගේ නිවෙස් හිමියන්ගෙන් ඇහුවා නම් මේ තරුණයාගේ සියලු විස්තර තියෙනවා කියලයි. හදපු එක වරදක් කියලත් ගම්මු පොලීසියට පෙන්නුවා.හැදුනුම්පතක් නොතිබුණු වරදට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හොදටම පහරදීලා ත්‍රිවීල් එකක දාගෙන පැහැරගන්න
ඒ කොහොමවුනත් අන්තිමට පොලීසියේ තුන්දෙනාවත් බේරගත්තු පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අය ආපු ත්‍රිවීල් එකත් අරගෙන එතනින් පිටවෙලා ගියා.

Loading...

No comments:

Powered by Blogger.