ලංකාවේදී චීන තරුණියක් සෙල්ෆියක් නිසා ජීවිතයෙන් සමුදුන් සෝචනීය කතාව බලන්නකො ඔබත් සෙල්ෆි ගන්නේ බලාගෙනයි
Loading...
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ ගමන් කළ චීන ජාතික තරුණියක ( China Girl ) ඉන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාදම්පේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම තරුණිය පාපුවරුවෙන් වැටී අනතුර සිදුවූ බව අම්බලංගොඩ පොලීසිය ප්‍රකාශ කළා.
මෙසේ ජීවිතක්‍ෂයට පත්වුණේ ඩෙන් යෂී නමැති 25 හැවිරිදි චීන ජාතික තරුණියක්. තම යෙහෙළියත් සමග දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි අවස්ථාවේ ඇය අනතුරට ලක්ව ඇති බව අම්බලංගොඩ පොලීසිය සඳහන් කළා. පාපුවරුවේ ගමන් කළ මෙම චීන ජාතික කාන්තාව මාදම්පේ දුම්රිය ස්ථානයේ වේදිකාවේ ගැටී යළි දුම්රිය මාර්ගයට වැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ චීන තරුණිය පා පුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේදී මේ අනතුර සිදුවී තිබෙනවා
Loading...
No comments: