කම්කරු - සිකියුරිටි අද අල්ලස් කොමිසමට
Loading...
කම්කරු - සිකියුරිටි අද අල්ලස් කොමිසමට
මෙසේ රැකියා අල්ලස් ලබා දෙන වීඩියෝවක් පසුගිය දිනවලදී අන්තර්ජාලය හමුවේ මුදා හැර තිබූ බවත්, එකී වීඩියෝව පදනම් කරගනිමින් අමාත්‍යවරයාගේ මෙම අල්ලස් දීමේ ක්‍රියා පිළිවෙතට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා මෙසේ මෙම කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බව ද ඒ මහතා කීය.
තරුණයින්ට රැකියා දශලක්ෂයක් ලබා දෙන බවට පවසමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවට තරුණයින්ට රැකියා ලබා දීම පිළිබඳව ගැටලුවක් මතුව තිබෙන බවත්, පැවැති සියලු ආණ්ඩු තරුණ තරුණියන්ට රැකියා ලබා දීම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගනු ලැබූ බව ද ඒ මහතා පැවැසීය.
මේ වන විටත් රටේ ලක්ෂ 35කට වැඩි පිරිසක් විරැකියාවෙන් පෙළෙන බවද පැවැසූ ඒ මහතා මන්ත්‍රිවරුන්ට, ඇමැත්‍රීවරුන්ට පුද්ගලයින්ට රැකියා ලබා දීමට නීතිමය අවසරයක් නැතැයි ද කීය.
රැකියා ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් නායකත්වය ලබා දිය යුතු යැයි ද නමුත් ඔවුන්ගේ කැමැත්තට අනුව රැකියාවක් ලබා දීමේ හැකියාවක් නැතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
තත්ත්වය එසේ තිබියදී ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඒ ආකාරයට රැකියා ලබා දෙන්නේ නම් එය දේශපාලන අල්ලසක් යැයි ද සඳහන් කළ ඒ මහතා අදාළ වීඩියෝව තුළ උස මදි නම් කම්කරු රැකියාවටත්, උස වැඩි නම් සිකියුරිටි රස්සාවටත් පුද්ගලයින් නම් කිරීම පටු දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කිරීමක් යැයි ද කීය.
ඡායාරූප - ෆ්‍රැන්ක් සොයිසා
Loading...
No comments: