Lanka Net Gossip

ළමයිගේ කළවා දෙකට කෙල හලන විදුහල්පති මාට්ටු

Loading...


බළන්ගොඩ විද්‍යාලයක හය වසර පන්තියේ සිසුන් හතර දෙනකුට අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෙන්ම බුද්ධ ධර්මය උගන්වන ආචාර්යවරයාට විරුද්ධව අපයෝජනයට ලක්වූ සිසුන්ගේ මවුපියන් විසින් බළන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයට පැමිණිල්ලක් කොට තිබේ. 

මෙම අසිකිත ක්‍රියාවට එරෙහිව විද්‍යාලයේ මවුපියෝ විශාල පිරිසක් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ අතර උද්ඝෝෂණයට සහභාගි වූවන් කියා සිටියේ වහාම සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගතයුතු බවත් වහාම ඔහු වෙනත් පාසලකට මාරු කළ යුතු බවත්ය. 

මේ උද්ඝෝෂණය සැල වූ වහාම එම ස්ථානයට ගිය බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි ඩී.ජේ. ඇතුලත්මුදලි, බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් කියා සිටියේ සැකකාර ගුරුවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. 

සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලිසිය පැවැසු අතර විදුහලේ තවත් සිසුන් මේ ආකාරයට අපයෝජනයට ලක්ව ඇද්ද යන්න ගැන පොලිසිය අදාළ පාසලට ගොස් පරීක්ෂණ අරඹා තිබේ.
Loading...

No comments:

Powered by Blogger.