Lanka Net Gossip

ෆේස්බුක් සටහනක් නිසා කුපිත වූ බංගලාදේශයේ මුස්ලිම්වරුන් පිරිසක් කෝවිල් 15ක් විනාශ කර දමලා

Loading...

මුස්ලිම්වරුන් පිරිසක් බංගලාදේශයේ හින්දු ජනතාවට අයත් පන්සල් 15ක් පමණ විනාශ කොට තිබෙනවා.
එමෙන්ම හින්දු ජනතාවගේ නිවාස 200 පමණ විනාශ කොට දමා ඇති මොවුන් ඔවුන්ගේ කඩසාප්පු 8කටද ගිනිතබා තිබෙනවා.
හින්දු ජාතිකයෙක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ඉස්ලාම් ආගමට අගෞරවයක් වන පරිදි දමා තිබූ සටහනක් නිසාවෙන් මුස්ලිම් ජනතාව මෙසේ කුපිත වී ඇති බවයි වාර්තාවන්නේ.
අන්තර්ජාල නීති කඩ කිරිමේ චෝදනාවට මෙම ෆේස්බුක් සටහන පළකර තිබූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ විනාශ කර ඇත්තේ බංගලාදේශයේ Brahmanbarhia සහ Nasirnagar යන දිස්ත්‍රික්ක වල තිබු විහාරයි.
මෙම පහර දීමට සම්බන්දව පුද්ගලයන් 9දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංගලාදේශයේ වෙසෙන කුඩා ආගමික ජනකොටස් වලට පසුගිය කාලය පුරාම මෙවැනි ප්‍රහාර ගණනාවක් එල්ල වුණා.
එරට හින්දු නායකියින් පවසන්නේ දිගින් දිගටම සිදුවන මෙවැනි ක්‍රියා නිසා තමන් වෙහෙසට පත්ව ඇති බවයි.
මෙවැනි සිදුවීම වලට මින් පෙර වැරදිකරුවන් වූ කිසිවෙකු නීතිය හමුවට ගෙන නොආ බවද ඔවුන් පවසනවා.
bangladesh-temple-vandalised_650x400_61477979964 22_brahmanabria-temple_301022_brahmanabria-temple_301016_000122_brahmanabria-temple_301016_0003542911-bangladesh-police-dhaka34535645622_brahmanabria-temple_301016_0001542911-bangladesh-police-dhakabangladesh-temple-vandalised_650x400_61477979964
345356456
22_brahmanabria-temple_3010
Loading...

No comments:

Powered by Blogger.