Lanka Net Gossip

සුරූපී ළඳක් සමඟින් ලැඟුම්හලකට ගිය පෑලියගොඩ පොලිස්‌ නිලධාරියා හැඳුනුම්පත නිසා මාට්ටු

Loading...

පෑලියගොඩ පොලිස්‌ කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ජාඇල පිහිටි ළැඟුම් හලකට සුරූපී කාන්තාවක්‌ රැගෙන ආ අවස්‌ථාවේ ළැඟුම්හලේ සේවකයන් සමඟ ඇතිවූ ආරවුලක්‌ මත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස්‌ පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ළැඟුම්හලේ කාමරයකට මෙම සුරූපි කාන්තාව රැගෙන ආ පොලිස්‌ පරික්‍ෂකවරයාගෙන් ළැඟුම්හලේ කළමනාකරු ජාතික හැඳුනුම්පත ඉල්ලු අවස්‌තථාවේ දෙපාර්ශ්වය අතර එම බහින් බස්‌වීම ඇතිවී ඇත.
එහිදී කෝප වූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ළැඟුම් හලේ කීප දෙනකුට පහරදී කුඩා ගිනි අවියක්‌ පෙන්වා ඔවුන්ද බිය ගැන්වූ බව පොලිස්‌ පැමිණිල්ලේ සඳහන්වේ. අත්අඩංගුවට ගත් පොලිස්‌ පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
Loading...

No comments:

Powered by Blogger.