Lanka Net Gossip

කවදාවත් දැකලා නැති තරම් විශාල කිඹුලෙක් මාතරදි හමුවෙයි මෙන්න බලන්නකො කොහොමද සයිස් එක බලන්නකො

Loading...

මාතර නිල්වලා ගගයි කිඹුල්ලුයි අතර තියෙන්නේ ලොකු සම්බන්දයක්.
මාතර ගගේ ඉන්නේ කිඹුලිගේ පැටව් ගැන කවියක් අපි අහලා තියෙනවා.
ඊයේ රාත්‍රීයේ මාතර වේරදූව ආසන්න ප්‍රදේශයකදී අඩි 17ක් පමණ දිග කිඹුලෙකු ගොඩට ඇවිත්.
ඒ බව දැකපු ගම්මු ලොකු මහන්සියක් දරලා කිඹුලව කොටුකරගන්න හැදුවත් උගේ විශාලත්වය නිසා ඒ වැඩේ ලේසි වෙලා නැහැ.
පස්සේ එතනට වනජීවී නිලධාරිනුත් ඇවිල්ල තමයි කිඹුලව කොටුකරගෙන තියෙන්නේ.
කිඹුල්ලු දැකලා තිබුණත් ජීවිතේට මේ තරම් විශාල කිඹුලෙක් දැක්කේ නැහැ කියලයි ගමේ වැඩිහිටියන් පවා කිව්වේ.
පොලිස් ආරක්ෂාවත් ලබාගෙන වනජීවී සහ ගම්වාසීන් එක්ව අල්ලාගත්ත මේ කිඹුලාව නැවත නිල්වලා ගගට මුදාහැරලා.
වයස අවුරුදු 60ක් පමණ බවට විශ්වාස කරන මෙම කිඹුලා, ගැට කිඹුලෙක් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
Loading...

No comments:

Powered by Blogger.