Lanka Net Gossip

නිකවැරටිය පාළු ගෙදරට පෙම් කරන්න ගිහින් පාසල් සිසුවකු හා සිසුවියකට වෙච්ච පලහිලව්වක්

Loading...

නිකවැරටි ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ වයස අවුරුදු දාහතක පාසල් සිසුවකු සහ සිසුවියක් නොහොබිනා ලෙස හැසිරෙමින් සිටියදී පොලීසියට අල්ලා දීමට ගිය අසල්වැසි කාන්තාවකට සහ පිරිමියකුට පහර දී පලා ගිය අදාළ සැකකාර සිසුවා ඉකුත්දා (24දා) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පරිවාස භාරයට පත් කරමින් රුපියල් පන්දාහක ශරීර ඇප මත මුදාහරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචන ඩී. සිල්වා මහත්මිය නියෝග කළාය.
අදාළ සිසුවා සහ සිසුවිය පාළු නිවෙස තුළ සිටින බවට පොලීසියට දැනුම් දීමට ගිය අවස්ථාවේ අසල්වැසි කාන්තාවට සහ පිරිමියාට පහරදී ඇති අතර, පසුව දෙදෙනාම පලා ගොස් තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කාන්තාව ප්‍රහාරයට ලක්ව නිකවැරටිය රෝලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය අධිකරණයට දැන්විය.
අදාළ සිසුවියගේ මව කැදවා ඇයව භෘරදී ඇති අතර, සිසුවා සහ සිසුවිය එකම පාසලේ උසස් පෙළ හදාරන අය බවය කියති.
Loading...

No comments:

Powered by Blogger.