Lanka Net Gossip

ඔයාගේ ඇඟේ හැඩය ගැන හරියටම දැනගන්න

Loading...

කතාවටත් කියනවනේ කාන්තාවකගේ සිරුරත්නිකංකලාවක් වගේ කියලා.දිගටි බෙල්ල,පළල් උකුල,කවාකාර විවිධ හැඩයන්…ඇත්තටමකාන්තාවක් වෙච්ච ඔයා හැඩයි.නමුත් අපි එක එක්කෙනාගේ හැඩය එකින් එකට වෙනස් වෙනවා.අන්න ඒ නිසා අපි අඳින ඇඳුම් තෝරාගැනීමේදී හරිම දේ තෝරාගැනීමෙන් අපේ හරිම හැඩය ලස්සනට ඉස්මතු කරන්න පුළුවන්.ඒත් මොකක්ද ඔයාගේ ඇඟේ හැඩය?අන්න ඒ ගැන ඔයාට අයිඩියා එකක් දෙන්න අපි ළඟ තියෙනවා පළතුරු බකට් එකක්.බලන්න මේ දේවල් වලින් ඔයා මොන පළතුරේ හැඩයක්ද කියලා.



ඇපල් හැඩය
Fruit style apple

මේක තමයි ගොඩක් වෙලාවට ඇඟේ ශේප් එක ගැන කතා කරද්දී කියවෙන පළවෙනිම හැඩය.මේක ගොඩක් දෙනා අතරේ බහුලව දකින්නත් පුළුවන් හැඩයක්.මේ හැඩයේ අයගේ පපු ප්රඩදේශය තරමක් විශාලයි.ඊට සාපේක්ෂව උදරය සිහින්.ඒ වගේමයි දෙපා ප්රඑදේශයත් සිහින්.හරියටම ඇපල් ගෙඩියක් වගේමයි.උඩ කොටස තරමක් පුළුල්.ඉතින් මේ ටයිප් එකේ අය ඇඳුම් තෝරාගැනීමේදී පපු ප්රයදේශය ගැන සැලකිලිමත් වීම වැදගත්.ඒ කියන්නේ වැඩිපුර ඉස්මතුවී පෙනීමකින් තොර ඇඳුම්තෝරාගැනීම වැදගත්.ඒ වගේමයි උදර ප්ර්දේශය ටිකක් ලිහිල් ඇඳුම් වර්ගත් මේ අයට ගැළපෙනවා.



ස්ට්ට්‍රෝබෙරිහැඩය
Fruit style strawberry

මේ හැඩයේ සිරුරක් ඇති අය පළල් උරහිස්,සිහින් ඉණක්,වගේම සිහින් කකුල් තියෙන අය.මේ හැඩයේ ඔයා ඇඳුම් තෝරාගැනීමේදී “V” ශේප් එකේ කර මෝස්තරයකින් යුතු ඇඳුම් තෝරාගන්න.ඒ වගේමයි කර ගොඩාක් පළල ඇඳුම් වර්ගත් මේ හැඩයේ අයට ගැළපෙනවා.



පෙයාර්ස්හැඩය
Fruit style pear

මේකත් හරිම ජනප්රිකය වගේම බහුලව දකින්න ලැබෙන හැඩයක්.ඇකිලුණු(පටු)උරහිස්,කුඩා පපු ප්රතදේශයක්,සිහින් ඉණක් වගේම ඉතා පළල් උකුල් ප්රිදේශයක් මේ වර්ගයේ අයට අයිතියි.ඒ නිසා මේ හැඩයේ ඔයා ඇඳුම් තෝරාගැනීමේදී වැඩි අවධානයක් දෙන්න ඕනි උරහිස් වලට.බෙල්ල වටා එතුණු,කර පියවුණු ඇඳුම් වර්ගත් ගැළපෙනවා.ඇඟටම හිරවුණු තද කලිසම් නම් ගැළපෙන්නේ නැහැ.ඒ වෙනුවට “A”ලයින් ස්කට්ර්පස්,ගවුම් වගේ දේවල් හරිම අපූරුවට ගැළපෙනවා.


බනානාහැඩය
fruit style banana

අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මේ හැඩයේ ඔයාගේ උරහිස්,ඉණ,උකුල,එක විදියටම සමානයි.ඒ නිසා ඉණ කොටස රැළි කරපු ටොප්ස්,රැළි සහිත තට්ටු ස්කට්ර්රස් ඔයාට හොඳට ගැළපෙනවා.



ඩබල් චෙරි හැඩය
fruit style double cherry

හරියටම කියනවා නම් ඔයාගේ ඇඟ ඉස්සරකාලේ අපේ සීයලා වෙලාව බලපු වැලි ඔරලෝසුවක් වගේමයි.(hourglass)ඒ කියන්නේ ඔයාගේ ඇඟේ උඩ කොටසටත් යට කොටසත් එක සමානව පළල්.උදර ප්රනදේශය විතරක් සිහින්.ඒ නිසා ඔයා තෝරාගන්න ඕනි ඉණ ප්රෙදේශයෙන් සිහින් වෙන ඇඳුම් වගේම ඉහල සහ පහළ කොටසට වැඩි අවධානයක් වැඩි ඉඩක් ලැබෙන ඇඳුම්.

කොහොම වුණත්,ඔයාගේ ඇඟ මොන හැඩය ගත්තත්,ඒ ගැන දුක්වෙන්න එපා.හැඩය ලස්සනට ඉස්මතු වෙන විදියට ඔයාගේ ලස්සන මෝස්‌තර පාවිච්චි කරන්න.හැඩට ඉන්න!!
Loading...

No comments:

Powered by Blogger.