Lanka Net Gossip

ගවුම ඉස්සුවේ නැතිවුණු මයිනා බලන්න -ලිංගික අතවර නඩුවකදී කිවුව අමුතු කතාව

Loading...


පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.

එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.

සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.

"ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා. මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා. එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ."

සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.

"ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා."

එවිට සැකකරුගේ නීතීඥ මහතා "මයිනා හොයන්න වෙන්නැති" යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.
Loading...

No comments:

Powered by Blogger.