Lanka Net Gossip

ජීවිතය හැරයන්නට පෙර කරූ ජයසූරියගේ දියණිය කියූ සංවේදී කතාව බලන්නකො ඔයාලගේ ඇහැටත් කදුලු එයි

Loading...

කථානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය පසුගිය02 වැනිදා පස්වරුවේ ලන්ඩනයේදී ජීවිතයෙන් සමුගෙන තිබුණා.
ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර්හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබුණා.
ඇය ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි අතර මියයන විට 40 වැනි වියේ පසුවුණා.
1976 වසරේ උපන් ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා(Martyn Dicker) සමගය.
පිළිකා රෝගයකින් පෙලුනු ඇය දරුවන් දෙදෙනෙකුටම මවක්වූ අයුරු හා දරුවෙකු වෙනුවෙන් තමන්ට ජීවත්වීමට තිබූ අවසන් අවස්ථාවත් කැපකළ හැටි සහ ජීවිතයේ ඉතිරිව තිබූ කෙටි කාලය තම පවුල වෙනුවෙන් කැපකළ හැටි ගැනත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ මෙලෙසින්.
2008 වසරේදී පියයුරු පිළිකා රෝග තත්වය වැළඳී ඇති බව ඇය දැනගන්නා විටද ඇයට දරුවන් සිටි නැහැ.
පසුව සිදුකළ ප්‍රතිකාරවලින් පියයුරු පිළිකාව සුව කරගත් ඇය අයි.වී.එෆ් ප්‍රතිකාර ක්‍රමයෙන් මවක් වී තිබෙනවා.
2012 වසරේදී ඇගේ පළමු දරුවා ලෙස තිළිණි පවුලට එකතුවනවා.
නැවතත් අයිවීඑෆ් ප්‍රතිකාර සිදුකර 2015 දී ඇය දෙවන දරුවාද මොලොවට බිහිකරනවා.
ඔහු නමින් දිලන්.
දිලන් ලැබීමට සිටිනවිට නැවතත් පිලිකා රෝගයට ඇය ගොදුරු වී ඇති බව දැනගත්තත් උපදින්නට සිටින දරුවාගේ ජීවිතය වෙනුවෙන් තම ප්‍රතිකාර පමා කරන්නට ඉන්දිරා තීරණය කර තිබෙනවා.
එවිට දිලන් පිළිසිඳගෙන සති 28 ක් පමණ කාලයක් ගතවී තිබෙනවා.
නියමිත කාලයට පෙර දරු උපත සිදුකර ප්‍රතිකාර සඳහා යොමු වීමට ඉන්දිරාට හැකියාව තිබුනත්, තම දරුවා කුසේ සිටින අවසාන මාස කිහිපය ජිවිතයේ තීරණාත්මක කාලයක් නිසා ප්‍රතිකාර පමා කරන්නට ඇය තීරණය කරන්නේ දරුවා ගැන සිතමින්.
එයින් සිදුවූයේ තමාට ජීවත් වීමට තිබූ අවස්ථාව අහිමි කරගැනීමක්.
දෙවන දර ප්‍රසූතියෙන් සතියකට පසු නැවතත් ප්‍රතිකාර සඳහා යොමු වන ඇයට පිළිකාව සුවකළ නොහැකි තරමටම වර්ධනය වී තිබුණා.
ජීවත් වන පුංචි කාලය වුවද තම පවුලට හැකි උපරිමයෙන් ආදරය කළ ඉන්දිරා රෝහල්ගතව සිටින විටදී පවා ඇය සිය යුතුකම් ඉටුකර තිබෙනවා.
මෙම පුවත බ්‍රිතාන්‍යයේ පුවත්පතක් වාර්තා කර තිබුණේ ආදරයේත් තම නිර්භීතකමේත් කතාවක් ලෙසයි.
කතානායක කරූ ජයසූරිය මහතා සහ ඇගේ පවුලේ අය ඉන්දිරාගේ අවසන් කටයුතු සඳහා මේ වනවිටත් එංගලන්තයට ගොස් සිටිනවා.
ඇගේ අවසන් ඉල්ලීම අනුව එංගලන්තයේ කේන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
තම ස්වාමියාටත්, පවුලටත් දරුවන්ටත් ඇය කෙතරම් ආදරය කළේද යන්න දැක්වෙන, ඇය විසින් සැමියාට සිදුකළ ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය පුවත්පතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
“මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්.”
Loading...

No comments:

Powered by Blogger.