සාර්ථක විවාහ ජීවිතයක් සදහා ඔබ දැන සිටිය යුතුම විශ්මිත අදම බලලා ඔබේ පවුල් ජීවිතය සර්ථක කරගන්න අදම බලන්න තවත් පවුලක් වෙනුවෙන් හැකිතක් Share කරන්න
Loading...
එකම වෙලාවට නිදා ගන්න ඇදට ගොඩ වෙන්න
දවස තිස්සේ ජිවන ගමනේ අභියෝග වලට මුහුණු දෙන අඹු සැමියෝ වෙහෙස මහන්සිය දුරු කර ගන්න හා හෙට දවස සැලසුම් කරන්නේ නිදි යහනට ගොඩ වෙලා තමයි. මේ වේලාව ගොඩක් ආදරබර මොහොතක්. ඉතින් ඔබටත් සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්න ඕනේ නම් මොන වැඩ තිබුනත් දෙන්නා එක්ක එක වෙලාවට නිදා ගන්න එක දැන් ඉදන්ම පුරුද්දක් කර ගන්න.
කායිකව සෙනෙහස පාන එක නවත්තන්න එපා
කසාද බැදලා අවුරුදු දෙක තුනක් යනකොට අර මුලින් පාපු සෙනෙහස නැති වී යන්න පුළුවන්. අද ලංකාවේ ගොඩක් විවාහක ජෝඩු වලට මේ වෙලා තියෙනවා. මෙන්න මේ දේවල් දිගටම කරොත් එහෙම වෙන එකක් නෑ. මන් මේ කියන්නේ උදාහරණ විතරයි. දෙන්නා එක්ක පාරේ යනකොට අතින් අල්ලන් යන්න. ගෙදර ඉන්න කොට අවස්තානුකුලව ඔබගේ සහකරු / සහකාරිය සිප වැලද ගන්න. උදේට වැඩට යනකොට හා නවතා ගෙදර එන කොට ඔබේ සහකරුට උණුසුම් හාදු වලින් සංග්‍රහ කරන්න. ඇගේ ගෑවෙන දුරකින් ඉදන් රුපවාහිනි නරඹන්න. කොටින්ම කියනවා නම් සෙනෙහසි ජිවත් වෙන්න. විවාහ උනා කියලා කිසිම වෙලාවක දෙන්නාගෙන් දෙන්නා ඇත් වෙන්න හදන්න එපා.
විවාහ සම්මතයන් වල හිර වෙන්න එපා.
මෙහෙමයි. පිරිමියා හම්බ කරන්න ඕනේ. ගැහැණිය ළමයි හදන්න ඕනේ. ගෙදර වැඩ කරන්න ඕනේ. මේකනේ සමාජ සම්මතය. එත් අද කාලේ ගැහැණියත් හම්බ කරනවානේ. එතකොට පිරිමියාට බෑ ඔහුගේ වගකීම ටික විතරක් කරලා සැපට හාන්සි පුටුවට වෙලා රුපවාහිනී බලන්න. නියම පිරිමියෙක් නම් ඔහුට පුලුවන් වෙන්න තම පවුලේ බර ඔබ ඇතුලේ දරුවන් වෙනුවෙන් වැඩි පුරත් එක්ක කරාට අරන් ඉන්න ඔබේ ආදරණිය බිරිදට ටිකක් උදව් වෙන්න. ඒ දේවල් කරොත් ඇය ගොඩක් සතුටු වේවි. ඒ වගේම විවාහ ජීවිතය දෙන්නාටම නීරස වෙන එකක් නෑ.
කිසිම වෙලාවක ඔප්පු කල හැකි සාක්ෂි රහිතව එකිනෙකට ඇගිලි දික් කරන්න එපා
සාර්තක විවාහයට ඉතාමත් වැදගත් සාදකයක් තමයි එකිනෙකා ගැන තියෙන විශ්වාසය. මේක නැති උනොත් කිසිම විවාහයක සතුටක් නැති වෙනවා. මුලින්ම දෙන්නා හොදින් තෙරුන් ගන්න. විශ්වාස කරන්න. විවාහ දිවිය තුල පුංචි පුංචි රණ්ඩු ඇති වෙනවා. එක සාමාන්‍ය දෙයක්. අන්න ඒ වෙලාවල් වලදී හිතේ තියෙන කේන්තියට සාක්ෂි නැතිව ඔබේ හිතට එන පමණට එකී නෙකාට චෝදනා කර ගන්න එපා. එකිනෙකා ගැන හොද අවබෝධයකින් හා විශ්වාසයකින් හිටියොත් විවාහ ජීවිතය සතුටින් පිරුණු එකක් වෙයි.
ඔබගේ හොදම මිතුරා / මිතුරිය බවට විවාහ සහකරු / සහකාරිය පත් කර ගන්න
අනිවාර්යයෙන්ම මේක ගොඩක් වැදගත්. සැමියා හෝ බිරිද කියන බරසාර වචන දෙකට වඩා හොදම යහළුවා / හොදම යහෙළිය කියන වචන දෙක මාරම එයරසකක. එක මාර සැහැල්ලුයි. ඒ වගේම මේ විදියට දෙන්නාට ජිවත් වෙන්න පුළුවන් උනොත් ජිවිතේ මාරම සතුටක් දැනේවි.
අනෙකාගේ කැමැත්තට ගරු කරන්න. ඔබද එයට එකතු වෙන්න
මේකේ තේරුම තමයි දෙන්නාම විනෝදය සදහා අඩුම ගානේ එක දෙයක් හරි එකතු වෙලා කරන්න ඕනෙයි කියන එක. තව ටිකක් තේරුම් කරොත් අපි හිතමු යම්කිසි ටෙලිනාට්‍යක් දෙන්නම බොහොම අසාවෙන් නැරඹීම වගේ. නැත්තම් හැම සති අන්තයකම අලුත් අලුත් අවන්හල් කරා යන ආශාව , දෙන්නා එක්ක එකතු වෙලා බයිසිකල් පදින්න වගේ. ඔබ දෙපලම කැමති දේවල් පුළුවන් තරම් එකට එකතු වෙලා සතුටින් කරන්න. එතකොට තමයි කසාද ජිවිතේ එපා වීමකින් තොරව ජීවිතය විදින්න පුළුවන් වෙන්නේ
ඵදඉසකැ ඡයදබැි ඇත් කරන්න
අද ගොඩක් දෙනා නිදා ගන්න ගිහිල්ලත් චයදබැි ඔබනවා. ට්පැි ගහනවා. කය්එ කරනවා. දවස පුරාම ජංගම දුරකථනයට තම ජිවිතයේ වැඩි පාලනයක් ලබා දෙන මිනිසුන් නම් කිසිම වෙලාවක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ නෑ. වගකීම් සහගත විවාහකයින් විදියට දවසේ එකට ඉන්න ලැඛෙන වටිනා වේලාව නිකන් දිය කර හරින්න එපා.
Loading...

No comments: