නාසයේ හැඩයෙන් හෙළිවෙන ජීවන රහස් මෙන්න ඔබත් ඔබේ අනාගතය ගැන හරියටම දැනගන්න මෙන්න බලන්න
Loading...
විශේෂඥයින් පවසන පරිදි, නාසයේ හැඩයෙන් පෞර්ෂත්වය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක්ම හෙළිවෙනවා . එය පිරික්සා බලන නිවැරදි ක්‍රමවේදය දැන සිටියොත්, පුද්ගලයෙකුගේ නාසය දෙස බලා ඔහුගේ පෞර්ෂය පිළිබඳව යම් පුර්ව නිගමනයකට පැමිණෙන්නට ඔබට පුළුවන්.
ඍජු නාසය
යමෙකුගේ නාසය ඍජුව පිහිටා තිඛෙනවානම් , ඉන් අදහස් කරන්නේ ඔහු සංවිධානාත්මකව වැඩ කිරීමට සමත් කාර්යශූර පුද්ගලයෙක් බවයි. ඔබ යම්කිසි අර්බුධකාරී තත්වයකට මැදිවී සිටිනවානම් මෙවැනි පුද්ගලයෙකු ඔබේ අසලින්ම තබා ගැනීමට ඔබ වඩාත් කැමති වේවි. ග්‍රීක ජාතිකයින්ගේ මෙන් ඍජු නාසයක් පිහිටා ඇති එම පුද්ගලයින් කලබල නොවෙන අතර තාර්කිකකව කටයුතු කිරීමට උපන් හපන් කම් ඇති පුද්ගලයෝය. වැඩ කරන විට වුනත් ඔවුන් ඉතාමත්ම ක්‍රියාශීලී ස්වභාවයකින් යුක්තයි.ල ඊමාායසිප
පුළුල් න ාසය
දික්වූ පුළුල් නාසයන් ඇති පුද්ගලයෝ නායකත්වයට දක්ෂතා දක්වන අතර ශක්තිමත් පෞර්ශයකටද උරුමකම් කියති. ඒවගේම ඔවුන් මැදිහත් ගති පැවතුම් වලින් හෙබි, තීරණ ගැනීමේදී ඉක්මන් නොවෙන , අනෙකුත් පුද්ගලයින් බල පැවත්වීමකට දැඩි හැකියාවක් ඇති පුද්ගලයින් ලෙසද හදුන්වන්නට පුළුවන්.
මස්වලින් පිරුණු නාසය
නාසයේ මුල් කොටස පටුව පිහිටා තිබුනත් අගට වන විට මස්වලින් පිරී පැවතීම නිසා වඩාත් විශාලව දිස්වෙනවා. ඒවගේම එම නාසයේ අගම කෙලවර කෙටි බවකින්ද යුක්තයි. වඩාත් කඩිසරව ක්‍රියාකරන සහ වේගයෙන් සිතන පුද්ගලයින්ට තමයි මෙවැනි නාසයන් පිහිටා තිඛෙන්නේ. එවැනි නාස් ඇති පුද්ගලයෝ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ඉතාමත් දක්ෂ පුද්ගලයෝය. එම වේගවත් බව නිසාම, ඔවුන් ඇතැම්විට වඩාත් ආක්‍රමණශීලීව කටයුතු කිරීමටද පෙළඹෙති. එවැනි පුද්ගලයින් තම ආදර”යයන් වඩාත් හොඳින් ආරක්ෂා කරන වඩාත් ලෙන්ගතු සහකරුවන් බවයි පැවසෙන්නේ.ල යදරදිජදචැල පැාසඒඑසදබල
කෙටිව පිහිටා ඇති නාසය
තරමක් උඩට එසවී තිඛෙන කුඩා නාසයක් ඇති පුද්ගලයෝ සර්වශුභවාදී අදහස් වලින් හෙබි පුද්ගලයෝය. තම පවුලේ සාමාජිකයින් හොඳින් රැකබලා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන අතර, නොයෙකුත් දේවල් අත්හදා බැලීමට බලවත් උනන්දුවක් දක්වති. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ලිංගික වශයෙන් වඩාත් විවුර්තව කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙන ස්වාභායකින් යුතු වුනත්, ඔවුන් පිළිබඳව විශ්වාසය තබන්නටද පුළුවන්.ල ච්කප රු්ාසබටග ිචසරසඑම්කසඑහ
වක්වුණු නාසය
උකුසු හොටක් මෙන් වක්වූ නාසයක් පිහිටා ඇති පුද්ගලයින්, කිසිවෙකු අනුගමනය කිරීමට කටයුතු නොකරන අතර, ඔවුන් කැමති විදියට ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වති. යමක් සිදුකිරීමට කිසිවෙකුගෙන් අනුමැතියක් බලාපොරොත්තු නොවෙන අතර, එම නිසාම කලහකාරී බවකින්ද යුක්තයි. ඒවගේම තමන් පිළිබඳව අන් අය පවසන දේවල් කිසිඳු ගණනකට නොගන්නා අතර තම මතයේම එල්බ සිටිනවා.
Loading...

No comments: