බාලවයස්කාර දැරියන් 3 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට සිව් දෙනෙකු අත්අඩංගුවට
Loading...
ඕපනායක ප්රදේශයේදී බාලවයස්කාර දැරියන් 3 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් බාලවයස්කරුවෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බාලවයස්කරු 10 වන වියේ පසුවන බව ය.
ඔවුන් අපයෝජනයට ලක්කර ඇත්තේ, අවුරුදු 8, 11 සහ 12 යන වයස්වල පසුවන දැරියන් තිදෙනෙකි.
පසුගිය වසරේ සිදුව ඇති එම සිද්ධීන් පිළිබඳව පොලීසියට වාර්තා වී ඇත්තේ පසුගිය 18 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් 36, 41, 44 යන වයස්වල පසුවන අතර ඔවුන් ඕපනායක ප්රදේශයේ ම පදිංචිකරුවන් ය.
සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
Loading...
No comments: